27 April 2024
#දේශීය

අත්සන් කරන්න කලින් වෙනස්කම් කරන්න – එජාප නායකයාට ඉල්ලීමක්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තෙක් එම පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන ලෙස අගමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සිදුකළ යුතු සංශෝධනය කිහිපයක් එමගින් යෝජනා කර තිබේ.

එම ලිපිය පහත පරිදි වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *