දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවුසවේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී කලාකරුවන් අතර පැවැති සුහද හමුවකදිය.
අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.
කලාකරුවන්ට ඉදිරියේ දී පහසුකම් රැසක් සළසා දිමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය ඉකුත් සමයේ නිසි ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබිණි. මේ අනගි නිර්මාණය දේශීය කලා ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ද ජනාධිපතිවරයා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේ දී කලාකරුවන්ට ද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප්‍රවීණ කලාකරුවෝ රැසක් හමුවට එක්ව සිටියහ.
දිලිනි සමන්මලි