27 April 2024
#දේශීය

මාංචු දාලා, සිරගත කරලා අපේ අරගලය නවත්වන්න බැහැ – පාඨලි කියයි

දේශපාලන කුමන්ත්‍රණයක් මගින් තමාව අත්අඩංගුවට ගත් බව පටන් ගත්ත අරගලය කිසිදු අවස්ථාවක් යටතේ වුවද නතර නොකරන  හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා පවසයි.

අද (24) කොළඹ මහාාධිිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා කියා සිටියේ බලයේ සිටින ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විපක්ෂයේ පිරිස්ව මාංචු දමා සිරගත කර තබන්න සුදානම් වුවත් එවැනි දේ තුළින් තම අරගල නොනවතින බවයි.

එසේම යහපාලනය රජය විසින් ගෙන ආ ස්වාධින අධීකරණය, පිහිටුවීම පිලීබඳ සතුටුවන බව හෙතෙම පැවසිය. එසේම තමා සිරගත වු අවස්ථාවේදී තමා බැලීමට පැමිණි සියළු දෙනාට ස්තුතිවන්ත වන බව චම්පික මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *