• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නව නිර්මාණකරුවන්ට ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!

8 February 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව සිදුකෙරුණු මෙම සාකච්ඡාවට කර්මාන්තකරුවෝ සහ ව්‍යවසායකයෝ නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

කර්මාන්තරුවන් විසින් සිදුකරන නිෂ්පාදන සදහා ලබාගත යුතු තත්ව සහතික වාර්තා ප්‍රමාද වීම සහ ඒ සදහා අධික මුදලක් ගෙවීමට සිදුවීම පිළිබද නිෂ්පාදකයින් මෙහිදී අදහස් දැක්වූ අතර විමල් වීරවංශ ඇමතිවරයාගේ යෝජනාවකට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එම මුදල කොටස් කිහිපයකින් ගෙවීමට අවස්ථාව ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බව බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

නව නිර්මාණකරුවන්ට සිය නිර්මාණ සහ නිෂ්පාදන සදහා පේටන්ට් අයිතිය ලබා ගැනීමේදී ඇතිවන ගැටළු පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. දැනට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ගතවන කාලය දීර්ඝ වීම විශාල ගැටළුවක් වී ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලා කටයුතු කරන ලෙසත් විමල් විරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ අදාළ නිලධාරින් හැකි ඉක්මනින් එය ඉටුකර දෙන බවට පොරොන්දු විය.

එමෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබද අවබෝධ කිරීමට වැඩමුළු සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද යෝජනා විය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ රංජිත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 2
Previous Post

shikara Film එක ගැන පොඩ්ඩක් කතා කරමු

Next Post

කථානායක ධුරයට සමුදෙන්න ලැස්තියි …. – කථානායක කරු

editor

editor

Next Post

කථානායක ධුරයට සමුදෙන්න ලැස්තියි .... - කථානායක කරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved