27 April 2024
#දේශීය

කථානායක ධුරයට සමුදෙන්න ලැස්තියි …. – කථානායක කරු

ඉදිරි වසර පහ සඳහා මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ අද (08) මහනාහිමිවරු හමුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද මහනාහිමිවරුන් හමුවේ පැවසු කථානායක කරු ජයසුරිය මහතා කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවය පල කලේය.

තමන් බැහැදැකීමට පැමිනි කථානායකවරයාට ආශිර්වාද කල මහනාහිමිපාණන් වහන්සේලා සඳහන් කලේ දේශපාලනයෙන් තොරව රට ජාතිය වෙනුවෙන් කැපවුනු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් තුළ ඉමහත් විශ්වාසයක් පවතින බවයි.

එසේම පසුගිය වසර පහ තුළ පමනක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බව හෙතෙම කියා සිටියේය.මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *