• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමයෝජනා අත්සන් කළ දයාසිරි බුකියේ තැබූ සටහන මෙන්න

20 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තම පක්ෂයට පොදුජන පෙරමුණේ ඇතැමුන් වෙතින් සිදුවූ කෙනහිලිකම් අනාවරණය කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ තමන් හැංගි හැංගි වෙස් බඳින්නෙකු නොවන බවය. එසේම  කෙනෙක් දෙන්නෙකුගෙ වැරදි වලට රටක් වට්ටන්න දෙන්න පුලුවන්ද ? යන ප්‍රශ්නයද ඔහු මතුකරයි. 

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර තැබූ ෆේස්බුක් සටහන කිසිම සංස්කරණයකින් තොරව පහත දැක්වෙයි.

ඔබත් මමත්…

ඔබත් මමත් රටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන මේ කාළ වකවානුව තුළ මොහොතකට අතීතා වර්ජනය කර බැලූකළ ලෝකයේ බලවත්ම රටවලටත් හිතන්නට බැරි දේවල් අපි කරලා තිබෙනවා. යුද්ධයම හොඳ උදාහරණයක්.ඒ වගේම මුළු ලෝකය වගේම අපේ රටත් මුහුණපා තිබෙන මේ covid 19 වසංගත තත්වයද අපට ලොකු අභියෝගයක්.මේ හැම දේකින්ම පරීක්ෂා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙ ඔරොත්තු දීමේ ගුණය යි.
ඔව් අපි ඔරොත්තු දෙන විදියට පෙළගැසෙමු..

දයාසිරි ඕනම දේකට ඔරොත්තු දෙන මිනිහෙක්.
ඒ ශක්තිය දුන්නේ ඔබ ගැටලුවක් පෙනෙන තැනක අවසාන මොහොත දක්වාම සටන් කළේ ඔබ මට දුන් ඔරොත්තුදීමේ ශක්තිය නිසයි.අද මම නාමයෝජනා අත්සන් කළා.පොහොට්ටුව ලකුණින්,
කෙනෙක් දෙන්නෙකුගෙ වැරදි වලට රටක් වට්ටන්න දෙන්න පුලුවන්ද ?
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්මක් සහිත නායකයෙක්.රට වෙනුවෙන් එතුමා හොයන මිනිස්සු මුණ ගස්වන්න අද දක්වාම මම සටන් කලා.

මතවාදී අරගල දේශපාලනයේ සුලභයි. තීරණාත්මක ජනාධිපතිවරණයේදී ගෝඨාභය මැතිතුමාට රටේ හරි අතට අත දුන්නෙ එක්ව ජයගතයුතු අභියෝග රාශියක් නිසයි.අදත් ඒ ගමන අත් නොහරින්නේ අන්න ඒ නිසයි. නමුත් මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා. පක්ෂයේ සංවිධායකයින්, පාක්ෂිකයින් ආරක්ෂා කිරීම මගේ යුතුකම .ඒ වෙනුවෙන් හඬක් නොනගා සිටීම සැබැවින්ම අසීරුය. අපි එකම මහගෙදර ඉපදී එක බත් මුට්ටිය බෙදාගෙන කෑ සහෝදරයන් විනා දේශපාලන විරුද්ධවාදීන් නොවෙමු.
ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නිර්මාණය වන්නේ එවන් පසුබිමකයි.

හැංගි හැංගි වෙස් බැඳීම මාගේ පුරුද්ද නොවේ.
කථා සාරාංශය මෙසේයි..
අප සන්ධානය ගොඩනැගීමේදී එකඟ වූ කරුණු රාශියක් ඇත. පක්ෂ වලට ලබා දෙන අපේක්ෂක සංඛ්‍යාව ඉන් ප්‍රධාන යි.
කුරුණෑගල මාගේ දිස්ත්‍රික්කයයි. අපේක්ෂකයින් දහඅටක් අතරින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයින් හයක් ලබාදෙන එකඟතාව පසුව එය හතර දක්වා අඩුවීම අවසානයේ දෙකක් පමණක් ලබාදීම ගැටලුවේ ආරම්භයයි. මේ ලඝු කිරීම තුළ විශාල ඡන්ද පදනමක් සහිත හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරු දෙපළක්ම මගහැරී ඇත. විද්වතුන් මග හැරී ඇත. කොටළුවන් ලයිස්තුවට දමා අශ්වයන් පාර්ලිමේන්තුවට එවනවා කියා පවසන්නේ මා නොව මහජනතාවයි. මෙම තීරණය මත ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඇඟිල්ල දිගු වීම ඉතා කණගාටුවකි.මා හඬ නැගුවේ ම එය ද නිවැරැදි කළ යුතු නිසාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල සංවාදයක්, සටනක් කර පැවැති තත්ත්වය ආරක්ෂා කර ගත්තා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල ඡන්ද පදනමක් සහිත ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පොරොන්දු වූ අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙක් පමණක් ලැබුණු අතර නුවරඑළියට, කළුතරට කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාව ලැබුනේ නැහැ. අවසානයේ නුවරඑළිය ,කළුතර,වන්නි දිස්ත්‍රික්ක හා උතුරු නැගෙනහිර ප්‍රදේශ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීමට ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමකයි..

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගේම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක. රාජකාරිය මට හැමදාම දේවකාරියක්, මට සියලු දෙනා ලබාදුන් වගකීම මා නිවැරදිව ඉටු කළ යුතුමයි.මම යළි කියමි කීපදෙනෙකුගේ උවමනාවට රටක් අනාගතයක් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ගමනත් අඩාල කිරීම අපරාධයකි.

අපි එකතුවෙමු ඕනෑම දේකට ඔරොත්තු දෙන රටක් හදමු
ස්තුතියි

Post Views: 3
Previous Post

අද පස්වරු 6 සිට සදුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Next Post

කොරෝනා මරණ 10000 ඉක්මවයි

editor

editor

Next Post

කොරෝනා මරණ 10000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved