27 July 2024
#දේශීය

කොරෝනා මරණ 10000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 10,049ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 246,462ක් වන බවටද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද(20) උදෑසන 10  වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 243 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *