ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center) නව මුහුණුවරකින් අද (09) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී විවෘත විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම මධ්‍යස්ථානය, ජාතික රෝහලේ බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත.
– අවධානය යොමු කරන පිළිකා: පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා.
– සේවා කාලය: රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා.
– සුවිශේෂත්වය: රෝගීන් හඳුනාගත් වහාම කඩිනම් ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය සායන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් පවතී.
– රජයේ ඉලක්කය: සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම.
දැනට යාපනය, මඩකලපුව, බදුල්ල, රත්නපුර සහ මාතර යන නගරවල මෙවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. දිනකට මෙරටින් පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන අතර මරණ 40ක් පමණ සිදුවේ. පමා වී ප්‍රතිකාර සඳහා පැමිණීම පාලනය කර මෙම මරණ සංඛ්‍යාව අවම කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. රොටරි සමාජයේ (Rotary Club) දායකත්වයෙන් ස්ථාපිත වූ මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුළු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.













