8 September 2024
#දේශීය

ප්‍රවීන රංගවේදීයෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන රංගවේදීයෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද (12) අභාවප්‍රාප්ත වේ. 

මිය යන විට ඒ මහතා 71 වන වියෙහි පසු විය. වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර අද අලුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.

මනෝරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත අද රැගෙනඒමට නියමිතයි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *