27 April 2024
#දේශීය

රන්ජන්, සහරාන්ට වඩා භායනකයි…- දුමින්ද කියයි

පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන්ට වඩා භායනක ආකාරයට මේ වන විට මුළු රටම කැළඹිමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ක්‍රියා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා ඊයේ (11) නාච්චිදුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් කියා සිටියේ අද වන විට රටේ ඉහල තනතුරු, විනිසුරුවරු, මන්ත්‍රීවරුන් මෙන්ම නළු නිලියන් ද මේ සිද්ධිය මගින් රටට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ජනතාව මේ අවස්ථාවේදී හෝ වටහා ගත යුතු වන්නේ පාර්ලිමේන්තුවට නළු නිලියන්, ක්‍රිඩකයෝ වැනි අය නොවන බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිමට කටයුතු කල යුතු බවයි.

එසේම රන්ජන් රාමනායක මහතා චිත්‍රපට පමණක් රඟ දැක්වුවානම් අපිත් ඒ චිත්‍රපටය බලා සතුටු වන බව දිසානායක මහතා කියා සිටියේය. මේ වන විට මුළු රටම මේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කැලඹිමට පත්ව ඇති බව ඔහු අනාවරණ කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *