27 April 2024
#දේශීය

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරට ගෙන්වීමට පියවර

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ අවශ්‍ය කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ අසර්බයිජාන්හි මෙරට තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු වන අතර මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවයි වාර්තා වන්නේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *