• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ප්‍රේමදාස යුගයේ ජයග්‍රහණ චප්පකරන බවට වන ජවිපෙ භීතිකාව හා පාර්ලිමේන්තු සංයුතිය…

2 January 2020
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනයන් තුළින් සිදුවන්නේ රට ගෝත්‍රවාදය දෙසට තල්ලු කිරීමක් බවත්, ඒ මගින් සාධනීය ජයග්‍රහණ පවා ඩෝසර් කොට චප්පකිරීම ට සූදානම්වන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ පවසමින් එක් අතකින් කනස්සලක් ද සමගින් භීතියක් ද පලකරමින් සිටින බවක් දක්නට හැකි වී ය. මෙම ප්‍රකාශයේ ඇති සාධනීය බව කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ ට නව මාතෘකාවක් නිර්මාණය කරගනිමින් සිටින බව පැහැදිලි වෙයි.

විජයදාස රජපක්ෂ මහතා ප්‍රකාශ කරන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇත්තේ විවිධ මතවාදයන් දරණ හා විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබුණු සීමාවන් වෙනස් කිරීම බව විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහුගේ ප්‍රකාශයෙන් උපුටනයක් මෙසේ ය.

“අපි පළමුවෙන්ම ආණ්ඩුවෙන් විමසනවා, මෙම යෝජනා විජේදාස රාජපක්‍ෂගේ පුද්ගලික වුවමනාව ද නැත්නම් ආණ්ඩුවේ වුවමනාව ද කියලා? ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. 

අඩුම තරමේ මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියවත් මේ සඳහා තිබෙනවාද කියලා දැනගන්න කැමතියි. 

21වැනි සංශෝධනය මගින් සිදු කිරීමට යන්නේ අපේ රටේ විවිධ දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ඉඩ සීමා කිරීමටයි. මේ වෙනකොට ඡණ්ද ප්‍රතිශතය අනුව එම සීමාව 5%ක් වෙනවා. 

නමුත් එම සීමාව වැඩිකළහොත් විවිධ දේශපාලන මතයන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වෙනවා. රටක සමාජයක, යහපත් පැවැත්මට නව මතවාද අවශ්‍යයි. යල්පැන ගිය දේශපාලන පක්‍ෂවල මතවාද වෙනුවට නව දේශපාලන මතවාද කරළියට ගෙන ආ යුතුයි. එයට ඉඩ ලබාදීමක් වශයෙන් තමයි 5% ප්‍රතිශතයේ සීමාව ඇතිකරලා තිබෙන්නේ. නමුත් එය වෙනස් කිරීමට විජේදාස ඉදිරිපත් කරන සංශෝධනය ගෝත්‍රික එකක් ලෙසයි අපි දකින්නේ. 

ඒ වගේම 22වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි. මේ වනවිට ඇතැම් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා මැදිහත්ව අවබෝධයෙන් සිදුවෙනවා. නමුත් එම ක්‍රියාමාර්ගවල තීරණ ගැනීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි විජේදාස යෝජනා කරන්නේ. එය සාධනීය පියවරක් නෙවෙයි. එය අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එවැනි තැනකට තල්ලු වෙනවා කියන්නේ නැවතත් 18වැනි සංශෝධනයට යෑමට සමාන වෙනවා. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක්. ඒ වගේම අවස්ථාවාදී දේශපාලනයක්. විජේදාස රාජපක්‍ෂ මේ කරමින් තිබෙන්නේ අලුත් ජනාධිපතිවරයාගේ හිත දිනාගෙන කොහොම හරි මන්ත්‍රීකමක් ලබාගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක්. ඒ වගේම ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඉතාම පරස්පර විරෝධීවයි. මහින්ද රාජපක්‍ෂ පිලේ ඉඳලා අනෙක් පැත්තට පැන්න විජේදාස විධායක ජනාධිපති ක්‍රමය බරපතළ ලෙස විවේචනය කළා. නමුත් අද රාජපක්‍ෂ පිලට පැනලා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කියනවා. 

ඒ වගේම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුව තිබෙනවා, තමන්ගේ පාලන කාලය තුළ ඒකාධිපති බලතල වැඩි කරගන්නවාද නැත්නම් ජනතාවාදී ක්‍රියාමාර්ගවලට පමණක් බලය ඉල්ලනවාද කියලා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාවට ඒකාධිපති බලතල වැඩිකරගන්න ක්‍රියාමාර්ගයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඕනෑම දේකට අත උස්සන මන්ත්‍රීවරුන් පත් කර යවනවා වෙනුවට මුදලට, බලයට විකිණෙන්නේ නැති මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් පමණයි මෙම ජනතා විරෝධී ක්‍රියාමාර්ග නතර කළ හැකි වන්නේ.”

විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ පිළීබඳව හා ඔහුගේ කැමැත්තේ ඇති සාධනීය බව පිළීබඳව ගැඹුරින් ප්‍රශනකරනු ලැබී ය. මේ අනුව ඔවුන් මහින්ද රාජපක්ෂ ගේ පුද්ගලික මතවාදයේ ඇති යම් සාධනීය බවක් පිළිබඳව විශ්වාසයක් ගොඩනගාගෙන ඇති බව පෙනී යන්නේ යැයි මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වූ මාධ්‍යවේදියෙක් ද තම සගයින් ට අදහස් පලකරනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ පනතේ සංශෝධන කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ බවක් දක්නට ඇත. එය හුදෙක් සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය ට ඇති අයිතිය හෝ හිමිවන අවස්ථා අහිමි වී යන බවට වන සැකයෙන් යුතු ප්‍රකාශයක් බව ද පැහැදිලි ය. ආසන්න වශයෙන් පැවැත් වූ පසුගිය මැතිවරණයේ දී ජවිපෙ අත්කරගත් සියය ට තුනේ ප්‍රතිශතය ද මේ ප්‍රකාශයන් ගැඹුරින් සලකා බැලීමේදී පසුබිමෙහි තබා ගැනීම පාඨක ශ්‍රාවක සියල්ලන් ට ම වැදගත් වනු ඇත.

 

* Written By : Janith Vipulaguna

Post Views: 2
Previous Post

ජර්මන් ටෙක් නව සභාපති ලෙස විනෝද් මුණසිංහ පත් කරයි

Next Post

පාරම්පරික හස්ත කර්මාන්ත සදහා නව වෙළදපොලක් බිහිකරනවා -ඇමති විමල්

editor

editor

Next Post

පාරම්පරික හස්ත කර්මාන්ත සදහා නව වෙළදපොලක් බිහිකරනවා -ඇමති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved