27 April 2024
#දේශීය

ජර්මන් ටෙක් නව සභාපති ලෙස විනෝද් මුණසිංහ පත් කරයි

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නව සභාපති ලෙස OSL The Investment Magazine හි කටයුතු කළ ප්‍රධාන කතෘ විනෝද් මුණසිංහ මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ඊයේ ( 01) පෙරවරුවේ විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇත. ඒ අනුව සභාපති ධුරයේ රාජකාරි කටයුතු අද දින ආරම්භ කර තිබේ.

අභාවප්‍රාප්ත හිටපු ප්‍රවාහන අමාත්‍ය අනිල් මුණසිංහ මහතාගේ පුත්‍රයෙකු වන විනෝද් මුණසිංහ මහතා ඉංජිනේරු උපාධිධාරියෙකි. ඔහු ද මෙරට දේශපාලනයේ සක්‍රියව කටයුතු කර අයෙකි.

සිය රාජකාරි කටයුතු අරඹමින් විනොද් මුණසිංහ මහතා කියා සිටියේ තමන්ට ලැබුණ තනතුරට අදාළව කටයුතු කිරීමට සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි.

එසේම රටේ ඉදිරිය වෙනුවෙන් ආයතනයේ සිදු කල යුතු වෙනස් කම් සිදු කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන වැඩසටහනට අදාළව කටයුතු කරන බව මුණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *