27 April 2024
#ව්‍යාපාර

පාරම්පරික හස්ත කර්මාන්ත සදහා නව වෙළදපොලක් බිහිකරනවා -ඇමති විමල්

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රදර්ශනාගාරයක් මගින් ප‍්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහි කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) මහනුවර ප‍්‍රදර්ශනාගාරය අද(02) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවන සේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගෙන් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් බව පත්කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරවංශ මහතා ” මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියාගේ කලා නිර්මාණ දේශියව මෙන්ම විදේශියව ප‍්‍රවර්ධනය කිරීම සහ අළෙවි කිරීම තමයි ලක්සල (ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය) අරමුණ වී ඇත්තේ. මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ඒ අරමුණින් ක‍්‍රියාත්මක වූ ලක්සල වටා ඒකරාශී වී සිටියා. යම් යම් හේතු නිසා ඒ තත්වය අද වෙනස් වී තිබෙනවා. අපි ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප‍්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප‍්‍රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ. හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ ගෙවීම් නිසිලෙස සිදු නොවන බවට, ප‍්‍රමාදවීම් සිදුවන බවට වෝදනා එල්ල වී තිබෙනවා. නව පාලන අධිකාරිය අපගේ උපදෙස් පරිදි එම තත්වය කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරාවි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල) නව සභාපති සුජීව පල්ලියගුරුගේ මහතාද එක්ව සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *