ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) වරෙන්තු නිකුත් කර තිබේ. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. මීට පෙර පැවති විරෝධතාවලදී පොදු දේපළවලට හානි කිරීම හෝ නීති විරෝධී ලෙස හැසිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව මෙම නඩුව පවරා ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.














