පේදුරුතුඩුව අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියකුට පාවහන් ප්‍රහාරයක් එල්ල කළ 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. තම භාරයේ සිටි අට හැවිරිදි දරුවා පියා වෙත භාරදෙන ලෙස අධිකරණය ලබාදුන් නියෝගයත් සමඟ කෝපයට පත් වූ අයිනකරන් පවිදා නැමැති මෙම සැකකාරිය, එහි සිටි පොලිස් නිලධාරියකුට මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ. පොලිස් රාජකාරියට බාධා කිරීම, නිලධාරියකුට තුවාල සිදු කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ ඇයට එරෙහිව නඩු පවරා ඇති අතර, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය නිකුත් කරන ලදී.














