• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පිළිකා ඖෂධ මාෆියාව අවසන් කරන්න පුළුවන් වු බව ඇමති රාජිත කියයි

2 April 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ නිෂ්පාදිත පියයුරු පිළිකා එන්නතට විරුද්ධ වෛද්‍යවරුන් 04 ක් බවත් මෙතෙක් අතුරු ආබාධ වර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන සහ 10 ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සදහා මුල්ගල් තැබීමට ඊයේ (01) එක්වෙමින්.

දේශීය පෞද්ගලික සමාගම් දෙකක් වන Lanka Diagnostics (pvt) Ltd සහ Greenthru Safety Mediacare (pvt) Ltd ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලා මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි. Lanka Diagnostics (pvt) Ltd සමාගම පැරසිටමෝල් ඖෂධ වර්ගයක් නිෂ්පාදනය කරන අතර, ඒ සදහා වූ ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වෙයි. Greenthru Safety Mediacare (pvt) Ltd සමාගම විසින් සිරින්ජර ඇතුලු රාසායනාගාර සදහා භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරනු ලබයි. ඒ සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05 ක් වෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග වසර 15 ක කාලයක් ඒකාබද්ධව ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිත කරන ප්ලාස්ටිස් උපාංග නිෂ්පාදනය කරයි. ජාත්‍යන්තර තලයට හා නවීන විද්‍යාගාරානුකූලව එම ඖෂධ නිෂ්පාදනය කිරිමට නියමිතය.

මුල්ගල් තැබීමෙන් පසු පැවැති ජනහමුව ඇමැතු සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සදහා රජය සහ පෞද්ගලික අංශය වසරකට රුපියල් මිලියන 90 ක මුදලක් වැය කරන බවයි.

ඖෂධ වෙළදාමත් එක්තරා ජාවාරමක්. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලනය, මුදල්, බලය විසින් එය නතර කෙරුනා. වසර 45 ක් යන තුරු එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වු අතරම අපේ රටේ පිළිකා ඖෂධ ජාවාරමක් ද ක්‍රියාත්මක වු බව හෙතෙම පැවසිය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” බහුජාතික සමාගමක් විසින් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට ආනයනය කරන ලද ඖෂධයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී ගත්තේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රුසියාවේ නිෂ්පාදිත දෙවන ඖෂධය හදුන්වා දුන්නා. මේ වන විට වසර ගණනාවක් එම ඖෂධය මගින් ප්‍රතිකාර කළත් කිසිදු අතුරු ආබාධයක් සිදු වී නැහැ. නමුත් මෙම රුසියානු ඖෂධයට විරෝධය පළ කරනවා. නිදහස් සෞඛ්‍ය කියා මුදල් වැය කළේ සමාගම් වලටයි. දැන් තුන්වන ඖෂධය ඉන්දියාව නිෂ්පාදනය කර තිබෙනවා. ඇමරිකාවේ එෆ්.ඩී ආයතනය පවා අය අනුමත කර තිබෙනවා. එහි මිල රුපියල් 47000 යි. මට අවශ්‍ය වූයේ පිළිකා ඖෂධ ජාවාරම අවසන් කිරීමටයි. මෙලෙස ආදේශක ඖෂධ හදුන්වා දුන්නේ නැත්නම් අපි තවමත් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට පිළිකා ඖෂධ මිල දී ගන්නවා. මෙම ජාවාරම පිටුපස ඇතැම් වෛද්‍යවරුන් ද සිටිනවා. ඖෂධයක් රෝගියෙකුට නියම කිරීමේ දී එවැනි වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. මෙම රුසියානු ඖෂධයට විරුද්ධව සිටින්නේ වෛද්‍යවරුන් 04 ක් විතරයි. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නව ආදේශක ඖෂධ වලට කැමැතියි. වරප්‍රසාද භුක්තිවින්ද අය තමයි කෑගහන්නේ. දේශප්‍රේමී නායකයාගේ කාලයේ තමයි මෙම ජාවාරම් සිදු වුනේ. මෙරට ජනතාව වෙනුවෙන් සේවය කිරිම තමයි දේශප්‍රේමය කියලා කියන්නේ. භූමිය ආරක්ෂා කිරීම විතරක් නොවෙයි. රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට පිළිකා ඖෂධ අලෙවි කළ බහුජාතික සමාගම වර්තමානයේ තවත් ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. පියයුරු පිළිකා සදහා භාවිතා කරන මෙම ඖෂධයේ මිල රුපියල් ලක්ෂ පහහමාරක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 107 ක් වැය කරමින් එම ඖෂධ මිල දී ගෙන තිබුනා. මම උපදෙස් ලබාදුන්නා එම ඖෂධය මිල දී ගැනීම නතර කරන්න කියලා. රජය රෝගීන්ට ඖෂධ ලබාදෙන්නේ නොමිලේ. මෙම ජාවාරම් කඩනකොට සුළුතරය කෑගහනවා. ජාතිවාදීන් ඉන්නේ සුළු පිරිසක් සියලු සිංහලයන් ජාතිවාදීන් නොවෙයි. පිළිකා ඖෂධ සදහා මිල සීමාවක් පනවා තිබෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාව මම ඉවත් කළා. පිළිකා රෝගියාටත් නොමිලේ බෙහෙත් දෙන්න බැරිනම් මොන නිදහස් සෞඛ්‍යයක් ද. පිළිකා රෝගීන්ට ඖෂධ ලබාදීමට, ස්ටෙන්ස් අක්ෂි කාච ලබාදීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගත්තේ නැහැ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා. දෙස් විදෙස් ආයෝජකයින් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. දැනට කර්මාන්ත ශාලා 04 ක ඖෂධ නිෂ්පාදනය කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය ඖෂධ පෙති හෝ කරල් ලෙස මිලියන 4 දක්වා වැඩි කර තිබෙනවා. වසර 2020 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 80 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම මගේ අරමුණයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි දෙදෙනා CID භාරයට

Next Post

එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් කල උදව්වක් ගැන විපක්ෂනායක කියයි

editor

editor

Next Post

එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් කල උදව්වක් ගැන විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved