27 April 2024
#දේශීය

මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි දෙදෙනා CID භාරයට

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මොවුන් අද(02) අලුයම 4.55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

පසුගිය දිනකදී ඩුබායි හෝටලයක පැවති සාදයකදී මාකදුරේ මදුෂ් සමඟ පුද්ගලයින් තිස් එක් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *