අද අලුයම 02.00 පමණ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පොලිස් බල ප්‍රදේශයේ මරංගල ගම්මානයේදි පෙම්වතා විසින් තම පෙම්වතියගේ ගෙල කපා දිවි තොර කර ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබෙනවා.
ඝාතනය වු තරුණිය සහ මියගිය පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර විවාහ විමට අකමැති වු නිසා ඇතිවු ආරවුලක් හේතුවෙන් පෙම්වතිය ගේ කපා ඔහුගේ ගෙලද කපාගෙන තිබෙන බවයි වාර්තා වුනේ.
මියගිය තරුණියගේ මව සහ පියාද තුවාල සහිතව මහඔය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි..
මෙසෙ මියගොස් ඇත්තේ ජී.එම් සරෝජා උදයංගනි 23 නැමැති තරුනියෙකි.මියගිය පුද්ගලයා සුමිත් මධුශංඛ නැමැති මොණරාගල පදිංචි පුද්ගලයෙකි.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ගේ නියෝග මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් යටතේ අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ඩී.බී.එච්.කළණසිරි මහතා ගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න මහතා ගේ මෙහයවිමෙන්පදියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් ගුනසේන මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.