පොලිස් ආරක්ෂාව සමඟ පැමිණි කථානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුව ලබන 19 වනදා තෙක් සභාව කල් තබා සභා ගර්භයෙන් පිටව ගියේය.
පාර්ලිම්න්තුවට පොලිසිය පැමිණෙයි (update) 2018-11-16 14:19:49
පාර්ලිමේන්තුවේ ඇති වු තත්ත්වය හමුවේ මේ වන විට සභා ගර්භය තුළට පොලිසිය පැමිණ තිබේ. කථානායකඅසුන වටකරමින් මේ වන විට පොලිසිය එහි සිටිනු ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විටදීද එහි කලබලකාරි තත්ත්වය තවදුරටත් පවත්වා ගෙන යයි.
අරුන්දික කථානායක පුටුවට – කථානායක කරුට දොරවල් වසයි (2018-11-16 13:45:49)
අද රැස් වු පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පකෂයේ පිරිස් විසින් කථානායක පිවිසුම් දොරටුව වසා අවහිර කිරීමක් සිදු කර තිබේ. මේ වන විට කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගෙන තිබේ.
මේ අතර ම කථානායක අසුන අසල මන්ත්‍රීවරුන් ” රාජිතයා පිහි ගෙනවා ගොන් රංජා පිහිගෙනවා යනුවෙනු සටන් පාඨ කියමින් සිටිනු දකිනු ඇත.
			
                                
                                
							











