27 April 2024
#දේශීය

113 නැතිනම් අපි විපක්ෂයට යා යුතුයි – කුමාර වෙල්ගම කියයි

පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම ඉතා ඛේදනීය බවත් මෙම ගැටුම මුළු ලෝකයාව බලා සිටි බවත් ලංකාවට සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඇති වු ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම ගැටුම විසදවන්න පුළුවන් වන්නේ ජනාධිපතිවරයාම බවයි.

ජනාධිපතිවරයාම ව්‍යවස්ථානුකුලව කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය. එසේම මහින්ද රාජපක්ෂ මහතා හට 113 ක බලයක් නොමැති නම් විපක්ෂයේ අසුන් ගැනීම සුදුසු බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *