27 April 2024
#දේශීය

එජාප නව නායකයාව තෝරන්නේ ජනපතියි….. ?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස් ඇති කළ යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එම ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගෙන් එජාපයේ නායකත්වය වෙනස් කරන මෙන් ද අගමැතිවරයා වශයෙන් රනිල්ව ඉවත් කළ යුතු බව ජනපතිවරයා පවසා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම සජිත් ප්‍රේමදාස හා කරු ජයසුරිය පෙර සිටම එජාප නායකත්වයට නම් කළ යුතු බව එම පක්ෂයේ පිරිස් ඉල්ලීම් කළ බව ද වාර්තා වේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක වශයෙන් රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ පසු නායකත්වය ලබා දෙන්නේනම් ඔහුට සමීපතයකුට මිස වෙන අයෙකුට හෝ ඔහුව අභිබවා යන පුද්ගලයෙකුට දීමට අකමැත්ත පල කර ඇති බව එජාපයෙ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු පැවසිය.

මේ වන විට ජනාධිපතිවරයා විසින් එජාප නායකත්වයට දන්වා ඇත්තේ රනිල් ඉවත් කළ යුතු බවත් බහුතරය පෙන්වන්නෙම් එජාපයේ අයෙකු බොහෝ විට අගමැති ධුරය ලබා දීමේ හැකියාව ඇති බවයි. ජනපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට එජාපය තුල යම් විශ්වාසයක් ගොඩ නැගි ඇති බවත් පාර්ලිමේන්තු රැස්වීමේදී යම් ආකාරයේ වෙනස් වීමක් සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටුව මේ වන විට රනිල් වික්‍රමසිංහව ඉවත් කර ඔහුගේ ඥාතී පුත්‍රයෙකු වන රුවන් විජේවර්ධන හට ලබා දීමේ සුදානම් ඇති බව එම රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු කියා සිටියේය. අද පස්වරුවේ අදාළ වෙනස්කම් බොහෝ වීට සිදුවීමේ සම්භාවිතාවයක් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *