ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතා අදහස් දක්වමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගන්නා බවයි.
එසේම ඒ තුළින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පුර්ණ කර ගත හැකි අතර ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බව හෙතෙම පැවසිය.
මෙම අවස්ථාවට සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම සමාන්‍යාධිකාරී ඇතුළු සෙසු සේවක පිරිස් ද එක්ව සිටියහ.
දිලිනි සමන්මලි