27 April 2024
#දේශීය

ජනපති ගෝඨාභය ගැන ජනතාවට විශ්වාසයි – රාජ්‍ය ඇමැති නිමල් කියයි

සංවර්ධිත, විනයගරුක හා සුරක්ෂිත රටක් බිහි කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රට නිවැරදි දිශානතියකට ගෙන යන බවත් ඒ පිළිබදව ජනතාව තුළ උපරිම විශ්වාසයක් ගොඩ නැගී ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මේ බව පවසා සිටියේ ඊයේ (16) මීරිගම ජනතා හමුවකට සහභාගි වෙමිනි.

ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගෙන රට ඉදිරියට ගෙන යාමට බාධා පමුණුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එසේම ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවිය හැකි ආසන්නම දිනය වන මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් 25 වෙනි දින මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එම ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීමට නියමිත බව ලන්සා මහතා කියා සිටියේය.

අද වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්වී ඇති අතර මහ ජනතාවට හිරිහැරයක් නොවන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර ජනතාවට බියෙන් සැකෙන් තොරව අද නිදහසේ ජීවත්විය හැකියාව ඇති බව ඔහු අනාවරණ කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *