27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කරදර කරන්නේ නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තීරණාත්මක බවත් එම නිසා එය ජයග්‍රහණය කිරීමට සියළු දෙනාගේ සහාය ලබා දෙන්න ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එ් මහතා පසුගියදා ජනහමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් සහායට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර ලබා දිය යුතු බවයි.

ඒ මේ අවස්ථාවේදී තමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබ සියළු දෙනාගේ සහාය අවශ්‍යවන අවස්ථාව බව දිසානායක මහතා අනාවරණ කලේය.

ඒ පාර්ලිමේන්තුවේදී මේ වන විට වැඩි ආසන ප්‍රමාණයක් ඇත්තේ විපක්ෂයට බවත් ආණ්ඩු පක්ෂයේ කිසිදු පනත් මේ වන විට සම්මත කර ගැනීමේ හැකියාව නොමැති බව ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් පවතින පාර්ලිමේන්තු මැතිවරණයෙදී වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට සහාය දක්වන ලෙසත් එය පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බලයක් ලබා දීමට කටයුතු කරන්නේනම් වඩාත් සුදුසු බව හෙතෙම කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේ බහුතර ලැබුණු පසු ජනතාවට නැවත කරදර කරන්නේ නැති බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *