• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

21 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි. එමඟින්, පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත්, බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබිණි.

ඒ අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම
සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධන යටතේ රඳවා ගැනීමේ බද්ද රු. 250,000 දක්වා නිදහස් කෙරේ. උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු. 100,000 සිට රු. 250,000 දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කෙරේ.

 

දේශීය ආදායම් පනතට හඳුන්වා දෙන එම යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් බදු සහනයන් පිළිබඳ විස්තර ඇමුණුම 01 හි සඳහන් වේ

 

ඇමුණුම 01

1) යෝජිත සංශෝධන
(i) පොලී අනුපාතය
(අ) 2020 ජනවාරි මස 1 සිට ඕනෑම පුද්ගලයෙකුට ගෙවනු ලබන පොළිය මසකට රු. 250,000 දක්වා රඳවා ගැනීමේ බද්දෙන් (ර.ගැ.බ), නිදහස් වේ.

(ආ) 2020 අප්‍රේල් 01 සිට පොලී ගෙවීම් රඳවා ගැනීමේ බද්දට අදාළ නොවන අතර එය තක්සේරු කළ හැකි ආදායමේ කොටසක් වේ.

(ii) උපයන විට ගෙවීමේ බද්ද (උ.වි.ගෙ.)
(අ) 2020 ජනවාරි 1 සිට උ.වි.ගෙ බදු නිදහස් සීමාව මසකට රු. 100,000/- සිට රු. 250,000 දක්වා ඉහළ දමන ලදී. බදු නිදහස් සීමාව ඉක්ම වන ප්‍රමාණය රු. 250,000 වන මාසික බදු ඛණ්ඩ මත 6%, 12% හා 18% යන අනුක්‍රමික අනුපාතයට උ.වි.ගෙ. අදාළ වේ.

(ආ) 2020 අප්‍රේල් 1 සිට උ.වි.ගෙ. බදු ඉවත් කෙරෙන අතර සේවා නියුක්ති ආදායම තක්සේරු කළ හැකි ආදායමේ කොටසක් වේ.

(iii) සේවාන්ත ප්‍රතිලාභ
2020 ජනවාරි 1 සිට සේවාන්ත ප්‍රතිලාභ මත අදාළ වන ආදායම් බදු අනුපාත පහත පරිදි වේ.

• පළමු රු. මිලියන 10 – නිදහස්
• ඊළඟ රු. මිලියන 10 – 6%
• ඉතිරිය – 12%

(iv) 2020 ජනවාරි 1 සිට වාසික තැනැත්තන්ට ගෙවනු ලබන විශේෂිත ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කර ඇත.

(v) 2020 අප්‍රේල් 1 සිට වාසික තැනැත්තන්ට සිදුකරන ස්වභාවික සම්පත් ගෙවීම්, ලාභාංශ, ගාස්තු, කුළී, රාජ්‍ය භාග, වාරික හෝ විශ්‍රාම ගෙවීම් මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන අතර එම ආදායම් තක්සේරු කළ හැකි ආදායමේ කොටසක් වේ.

(vi) හවුල්කරුවන්ගේ කොටස් මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන අතර 2020 අප්‍රේල් 1 සිට වාර්ෂිකව රුපියල් මිලියනයක් ඉක්මවන බදු අයකළ හැකි ආදායම මත 6% ක හවුල් ව්‍යාපාර බද්දට යටත් වේ.

(vii) නිදහස් කිරීම්

(අ) 2019 අප්‍රේල් 1 සිට කෘෂිකාර්මික, පශු සම්පත් සහ මත්ස්‍ය වගාව ඇතුළුව වගා ව්‍යාපාර තුළින් උපයන ලාභ සහ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් වේ.

(ආ) 2020 ජනවාරි 1 සිට තොරතුරු තාක්ෂණ සැපයීම් හා සඵල සේවා තුළින් උපයන ලාභය හා ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් වේ. සඵල සේවා මුදල් විෂය භාර අමාත්‍යතුමා විසින් රෙගුලාසි මගින් නිශ්චිතව දක්වනු ඇත.

(ඇ) 2020 ජනවාරි 1 සිට බැංකු හරහා සිදුකරන ලංකාවෙන් පිටත පුද්ගලයන්ට ලබාදෙන සේවා මගින් උපයන ලාභය හා ආදායම, අදාළ සේවා සඳහා සිදුකරන ගෙවීම් සිදුකරන්නේ විදේශ මුදල් මගින් නම් ආදායම් බද්දෙන් නිදහස් වේ.

(ඈ) 2020 අප්‍රේල් 1 සිට අනේවාසික සහ නේවාසික ගිණුම් සඳහා ලැබෙන පොලී ආදායම, ආදායම් බද්දෙන් නිදහස් වේ.
(ඉ) 2018 අප්‍රේල් සිට ලංකාවෙන් පිටත පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති ණය මත සිදු කරන පොලී ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් වේ.
(ඊ) 2018 අප්‍රේල් 1 සිට විදේශීය හෝ දේශීය මුදල් ලෙස නම් කර ඇති ඕනෑම ස්වෛරීත්ව බැදුම්කරයක් මත නිර්වාසික පුද්ගලයෙකු උපයන ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වේ.
(උ) 2018 අප්‍රේල් 1 සිට විදේශ ව්‍යවහාර මුදලින් නම්කර ඇති ස්වෛරීත්ව බැදුම්කර මත ඕනෑම වාසික පුද්ගලයෙකු ලබන පොළී හෝ වට්ටම්, ආදායම් බද්දෙන් නිදහස් වේ.
(ඌ) 2018 අප්‍රේල් 1 සිට රාජ්‍ය සංස්ථාවකට ලැබෙන ඒකාබද්ධ අරමුදලින් හෝ රජය විසින් සැලසුම් කරන ණය මුදලකින් පාර්ලිමේන්තුව විසින් වෙන්කරනු ලබන අරමුදල් ආදායම් බද්දෙන් නිදහස් වේ.
(එ) 2020 අප්‍රේල් 1 සිට දේශීය සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දෙන් නිදහස් වේ.
(ඒ) 2020 අප්‍රේල් 1 සිට රසායානාගාර සේවා හෝ තත්ත්ව සහතික ලබා දීමේ සේවා මගින් නිර්වාසික තැනැත්තෙකු විසින් උපයන මුදල ,ආදායම් බද්දෙන් නිදහස් වේ.
(ඔ) 2020 අප්‍රේල් 1 සිට ප්‍රදාන හෝ පරිත්‍යාග ලෙස යම් ආගමික ස්ථානයකට ලැබෙන මුදල්, ආදායම් බද්දෙන් නිදහස් වේ.

(Viii) සුදුසුකම් ලබන ගෙවීම්

(අ) 2019 අප්‍රේල් 1 සිට ඕනෑම රාජ්‍ය සංස්ථාවක් මගින් ඒකාබද්ධ අරමුදලට සිදුකරන ගෙවීම් එම සංස්ථාවේ ආදායම් බදු ගණනය කිරීමේදී අඩු කළ හැක.
(ආ) 2020 අප්‍රේල් 1 සිට මාසික රු. 100 000/- ක උපරිමයකට හෝ වාර්ෂිකව රු. මිලියන 1.2 ක උපරිමයකට යටත්ව පහත ගෙවීම් පුද්ගලික ආදායම් බදු ගණනය කිරීමේදී අඩු කළ හැක.

• වෛද්‍ය රක්ෂණ සඳහා දායකත්වයද ඇතුලත් සෞඛ්‍ය වියදම්
• දේශීයව සිදු කළ අධ්‍යාපන වියදම්
• නිවාස ණය මත පොළී ගෙවීම්
• අනුමත විශ්‍රාම යෝජනා ක්‍රමයකට සිදු කරන දායකත්වය
• ස්කන්ධ හෝ සුරැකුම් මිලදී ගැනීම සඳහා දරන වියදම්

(ix) ආදායම් බදු අනුපාත වෙනස් වීම්

(අ) 2019 අප්‍රේල් 1 සිට 40% ක ආදායම් බදු අනුපාතය ඕනෑම මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයනය කර විකිණීම හෝ නිෂ්පාදනය කර විකිණීමට සීමා කෙරේ.

(ආ) 2020 ජනවාරි 1 සිට පුද්ගල ආදායම මත අදාළ වන අනුක්‍රමික බදු අනුපාතය 6% , 12% සහ 18% දක්වා ද බදු නිදහස් සීමාව හා බදු ස්ථර වාර්ෂිකව රු.මිලියන 3 ක් ලෙසද සංශෝධනය කරනු ලැබේ.

(ඇ) 2020 අප්‍රේල් 1 සිට සංස්ථාපිත ආදායම් බදු අනුපාතය පහත පරිදි සංශෝධනය කරනු ලැබේ.

• අපනයන ,සංචාරක, අධ්‍යාපන සෞඛ්‍ය සේවා

ඉදිකිරීම් හා කෘෂි සැකසුම් 14%
• නිෂ්පාදන 18%
• මත්පැන් ,දුම්කොළ , ඔට්ටු හා සූදු බදු 28%
• වෙළඳ , බැංකු ,මුල්‍ය රක්ෂණ අනෙකුත් 24%

 

 

 

Post Views: 1
Previous Post

එලවළු මිල කියමින් ඡන්ද දිනන්න බෑ – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Next Post

හඩපට එළි කිරීමේ මහමොළකරු කුඩු නාලිකාවේ ප්‍රධානියා – මන්ත්‍රී රන්ජන්

editor

editor

Next Post

හඩපට එළි කිරීමේ මහමොළකරු කුඩු නාලිකාවේ ප්‍රධානියා - මන්ත්‍රී රන්ජන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved