27 April 2024
#දේශීය

එලවළු මිල කියමින් ඡන්ද දිනන්න බෑ – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

එලවලූ මිල, හාල් මිල, පොල් මිල ගැන කියමින් තව දුරටත් මැතිවරණ ජයග‍්‍රහණය කල නොහැකි බව විපක්ෂය දැන්වත් වටහා ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ රක්වාන ප‍්‍රදේශයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියග‍්‍රණයට කැපවු ජනතාවට ස්තූතිය පල කිරීම වෙනුවෙන් පැවති ජනහමුවකදීය.

සෞභාගයේ දැක්ම නුදුරු අනාගතයේ යථාර්ථයක් වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිවීමට නියමිත ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය නිසා රත්නපුරය ලෝකයේ ජනප‍්‍රිය හා දියුණු නූතන නගරයක් බවට පත්වන බවත්, එය ශ්‍රී ලංකාවේ කීර්තිය වැඩි වීමට මෙන්ම ආර්ථික දියුණුවට සෘජුව බලපාන බව හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ එලවළු, හාල්, පොල් මිල අඩු වැඩි වීම දීර්ඝ කාලීන දේශගුණික විපර්යාස, ක්ෂනිකව ඇතිවන අයහපත් කාලගුණික විපර්යාස, සහ බොහෝ අතර මැදි කූට වෙළද ව්‍යාපාර නිසා සිදුවන කටයුත්තක් බවයි. එසේම මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව එය වටහා ගෙන සිටින බවත්. එම භාන්ඩ වල නිෂ්පාදන ප‍්‍රමාණය මත මිල ඉහල පහල යන බවත් එය පොදු ජනතාවට දරා ගත හැකි මට්ටමට ගෙන ඒමට රජය විශාල කැප කිරීමක් සිදු කර ඇති බවත් නුදුරේදීම එම සහන ජනතාවට ලැබෙන බවත් හෙතෙම පැවසිය.

ඒ වගේම මධ්‍යම පාන්තිකයකු ලෙස එයින් සාමාන්‍ය ජන ජීතයට එල්ලවී ඇති තාවකාලික බලපෑම ගැන තාමාටත් හොදින් දැනෙනා බවත්, සහන ජනතාව කරා ලගා වන විට දවසේ සටන් පාඨ සොයන විපක්ෂයට එලොව පොල් පෙනෙනු ඇති බවත් කියා සිටියේය.

මේ අවස්ථාවට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරී පොදුජන පෙරමුනේ නව සාමාජික වූ විශාල පිරිසක්ද සහභාගී විය.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *