27 April 2024
#දේශීය

හඩපට එළි කිරීමේ මහමොළකරු කුඩු නාලිකාවේ ප්‍රධානියා – මන්ත්‍රී රන්ජන්

පෙම්වතියන් එක්ක කතා කල පලමු කෙනා මම පමණක් නොව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

තමා හා සමඟ කතා කල සංවාද තමාගේ අවසරයකින් තොර එය විකාශය කිරීම පිටුපස සිටින්නේ මෙරට කුඩු නාලිකාවේ ප්‍රධානියා බව හෙතෙම පැවසිය. අද (21) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා සමඟ කතා කළ තව බොහෝ දෙනෙකු සිටින බවත් වත්මන් ආණ්ඩුවේ බොහෝ අය ද තමා සමඟ කතා කල බවත් හැකිනම් ඒවත් ප්‍රචාරය කරන ලෙසයි.

හොරුන් අල්ලන්න මිසක් පවුල් කඩන්න හෝ වෙන කිසිදු දෙයකට දුරකතන හඩපට තමා ගබඩා නොකල බව හෙතෙම පැවසිය. තමා සොරු අල්ලන්න ඔහුන් සම්බන්ධ සියළු තොරතුරු එක් රැස් කල බව රාමනායක මහතා කියා සිටියේය. මේ පාර්ලිමේන්තුවේ කිසිදු කෙනෙකුගේ චරිත සහතික අවශ්‍ය නොමැති බවත් හඩපට පමණක් නොව විඩියෝ පට ද තමා සතුව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හඩ පට තමා සතුව නොමැති නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ හඩ පට තමා සතුව ඇති බව ඔහු අනාවරන කළේය. මහින්ද රාජපක්ෂ මහතා විසින් තමාව නඩුවකින් බේරා ගත්තා ආකාරය සම්බන්ධයෙන් ද හඩ පටය තමා සතුව ඇති බවත් එය සභාගත කරන බව රාමනායක මහතා අවධාරණය කළේය. 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *