පසුගිය කාලයේදී සිදු තරහා පැත්තකින් තියා එක් කෙනෙක් නෑර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්, පෙනී ඉන්න කියන ආරාධනාව කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන භාණ්ඩාගාරික, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ ජන හමුවකදීය. එහිදී දිසානායක මහතා කියා සිටියේ මේ වන විට ඇතැම් පිරිසකගේ හිතේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අතරමන් වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් , ඉතාම වගකීමෙන් කියනවා මේ එකගතාවයත් එක්ක කිසිම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුට අවැඩක් වෙන්න ඉඩ දෙන්නේ නොදෙන බවයි.
එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය “පහුගිය මැතිවරණයේ තිබුණ ඒ අමනාපකම්, ඒ මතවාදයන්, මත භේදයන් සියල්ල පැත්තකින් තියලා අපි එක් කෙනෙක් නෑර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්, පෙනී ඉන්න කියන ආරාධනාව අපි කරනවා.මේ දෙයින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අතරමන් වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් අපි ඉතාම වගකීමෙන් කියනවා මේ එකගතාවයත් එක්ක කිසිම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුට අවැඩක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ කියන ඒ විශ්වාසයත් ඇති කරගන්න.ඒ නිසා මේ ගොඩේ භයක් -සැකක් නැතිව හිට ගන්න.අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජයග්‍රහණය කරවන්න මේ ගොඩේ හිටගත්තා මිසක් -පරාද කරන්න අපි හිටගන්නේ නෑ.පරාද කරනවා නම් කරන්න වැඩ තියෙනවා, හැබැයි අපි හිටගත්තේ නොවැම්බර් මාසේ 16 වැනිදා ජයග්‍රහණයකින් කෙළවර කරන්න මිසක් වෙනත් දේකට නෙමෙයි කියලා අපි කියන්න ඕනකම තියෙනවා යැයි පැවසීය.