අද (24) අළුයම ඉන්දියාවේ දී බස් රථයක් ගිනි ගෙන තිබෙනවා.
බස් රථය ගිනිගැනීමෙන් පුද්ගලයන් 25කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම අනතුර සිදුව තිබෙන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ කර්නලුල්හි දි හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ අවස්ථාවකයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 39 දෙනෙකු සිට තිබෙනව.ා
බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇති වීතිබෙන බවයි එරට මාධ්‍යවාර්තා සදහන් කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවී තිබෙනවා.














