• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිදුණු විශ්වාසය යළි තහවුරු කරන බව රනිල් කියයි

12 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බිඳුණු විශ්වාසය යළි තහවුරු කරන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවත් ජනතාව භේද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැපවෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික නීතිය, ශිෂ්ඨ සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියේ අද අපේ රට ඉතා සංකීර්ණ, අර්බුදකාරී සහ අවාසනාවන්ත තත්වයකට ඇද වැටිලා තිබෙන බවයි.

එම විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.

රටක මූලික නීතිය පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරයත් බිඳ වැටෙමින් පවතිනවා. මේ විනාශයට පත් වෙන්නේ අපේ රටේ අනාගතයයි. අපේ දූ දරුවන්ගේ අනාගතයයි. අපේ ශ්‍රේෂඨ ජාතියේ අනාගතයයි.

මෙතැන තියෙන්නේ කවුරු අගමැති තනතුර දරනවාද, කවුරු ජනාධිපතිකම දරනවාද, කවුරු මැති ඇමතිකම් දරනවාද, කවුරු ආණ්ඩු කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. රටේ මූලික නීතිය ආරක්‍ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. රටේ ශීලාචාරකම ආරක්‍ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි.

2015 ජනවාරියේදීත්, 2015 අගෝස්තුවේදීත් මේ රටේ ජනතාව අපට ජනවරමක් දුන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනය අවසන් කර, යහපාලනයක් ඇති කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී, ශීලාචාර සමාජයක් ඇති කරන්නයි.

අපි ඒ ගමන ආරම්භ කළා. ජනවරමට අනුව අප ක්‍රියා කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන පක්‍ෂ දෙක සියළු දේශපාලන භේද අමතක කර රට වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා.

අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. කඩා වැටෙමින් තිබූ ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ පියවර ගත්තා. ගෙවා ගන්නට බැරිව තිබූ ණය බර ගෙවා ගන්නට පුළුවන් මට්ටමේ උපාය මාර්ග ක්‍රියාත්මක කළා. ජනතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන් දියත් කළා. ගම්පෙරළිය ඒ අතර විශේෂයි.

අපි නිවැරදි මාවතට පිවිසුණා. සෙමෙන් වුණත් ඉදිරියට ගියා. බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කළා. අද ඔබ දකින්නේ ඒ සියල්ල විනාශ වී යන ආකාරයයි.

පසුගිය කාලයේ මම අභියෝගයන්ට හා සිත් වේදනාවන්ට මුහුණ දුන්නා. මට අවලාද කිව්වා. අපහාස කළා. බැන වැදුණා. නමුත් මම ඉතා ඉවසීමෙන්, සංයමයෙන් හා ශීලාචාරව ඒවාට මුහුණ දුන්නා. මොකද මම හැම විටම ජනවරමට ගරු කළ නිසා. ජනවරම ආරක්‍ෂා කිරීම සඳහා මමත්, අපේ පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂත් ඉතා සංයමයෙන් මේ අවස්ථාවන් හමුවේ කටයුතු කළා.

ඒ සංයමය හා ඉවසීම නිසා අවුරුදු තුනක් සමබරව රට ඉදිරියට ගෙනයන්න අපට පුළුවන් වුණා. එය ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒත් පසුගිය සති දෙකේ රට පත්වුණු අවුල දිහා බලන්න. රටක් පාලනය කිරීම වගකීමෙන්, සංයමයෙන් හා ඉවසීමෙන් කළ යුතු දෙයක් කියන්නේ අන්න ඒ නිසයි.

මගේ දේශපාලන ජීවිතයේ හැම විටම කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. පුද්ගලිකත්වය කවදාවත් මම දේශපාලනයට ගාවා ගත්තේ නෑ. අවස්ථා දෙකකදී මගේ පුද්ගලිකත්වය අමතක කර, ජනාධිපති අපේක්‍ෂකත්වය අත හැරියා. ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වූ අවස්ථාවන්හිදී, කොටි සංවිධානය, ඔවුන් සමග එකඟතා ඇති කරගන්නා ලෙස මට පණිවිඩ එව්වා. නමුත් මම මගේ පුද්ගලික ජයග්‍රහණය හමුවේ රටට ද්‍රෝහි වුණේ නෑ. මම ඒ පණිවිඩ ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ සියල්ල මැද මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළා. අදත් ආරක්‍ෂා කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියළු දෙනා ඒකරාශී කරගන්නවා.
මම පසුගිය අවුරුදු දෙකක පමණ කාලයේ රට වෙනුවෙන් ඉවසුවා. කුමණ තත්වයක් මැද හෝ ජනතාව අපට ලබා දුන් ජනවරම ආරක්‍ෂා කිරීමට කැප වුණා.
නමුත් පසුගිය ඔක්තෝබර 26 වන දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තා. ජනවරමට පිටු පෑවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කණ්ඩායමකට යළිත් බලය ලබා දෙන්නට උත්සාහ ගත්තා. එසේ කරමින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මා. ඒ අවස්ථාවේදීත් ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න අපි ඉදිරිපත් වුණා.
එතැනදීත් අප කියා සිටියේ ව්‍යස්ථාව අනුව කටයුතු කරන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ 4 වන අනුවගන්තියේ මෙසේ සඳහන් වෙනවා.
“ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරය විසින් අග්‍රමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනෙක් කතානායකවරයා හමුවී ජනාධිපතිවරයාගේ ක්‍රියාව නීති වරෝධී බව පෙන්වා දුන්නා. තවත් 8 දෙනෙක් දුරකථනයෙන් ඒ බව කතානායකවරයාට දන්වා සිටියා. ඉතින් කතානායකවරයා දන්වා සිටියේ පාර්ලිමේන්තුව රැස්වූ විට බහුතර බලය පෙන්විය යුතු බවයි. එය වරදක් නෙවෙයි. ලෝකයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නා අය එය නිවැරදි ක්‍රමය බව දන්නවා. මෑත ඉතිහාසයේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී එසේ සිදු කර තියෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ බහුතර බලය ඇත්තේ මට බව මම පාර්ලිමේන්තුවේදී පෙන්වුවා.
නමුත් පාර්ලිමේන්තුව රැස්වීමට දින නියම කර තිබෙද්දී ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිළට ගැනීමක් ගැන සඳහන් කළා. ඒ මිළ ගණන් ගැන ඇත්තටම දන්නේ එතුමායි. මොකද අපේ පැත්තේ සිටි කීපදෙනෙක් හා ටීඑන්ඒ මන්ත්‍රීවරයෙක් ඒ පැත්තට අරන් මැති ඇමති ධූර පිරිනැමූයේ එතුමායි. මේ තත්වය නිසා සාමාන්‍ය ජනතාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තියෙනවා. තමන් පත් කර යැවූ නියෝජිතයන් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීම ඉතා අවාසනාවන්ත තත්වයක්.
පාර්ලිමේන්තුව රැස්වුණොත් මිනිස් ඝාතන සිදුවිය හැකි බවකුත් ජනාධිපතිවරයා සඳහන් කළා. අපේ රටේ වගේම අනෙකුත් රටවලත් පාර්ලිමේන්තුව ඉතා උණුසුම් වුණු අවස්ථා තියෙනවා. යම් යම් ගාලගෝට්ටි ඇතිවුණු අවස්ථාවන්ද තියෙනවා. නමුත් ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවේ මිනිස් ඝාතනයක් සිදුවෙලා නෑ.
පාර්ලිමේන්තුවේ පාලනය භාර කතානායකවරයාටයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා නීති රීති රකින්නේ එතුමායි.

ගිය සතියේ පක්‍ෂ නායකයින් සමග කතානායකවරයා සාකච්ඡා කළා. එතැනදී මෙවැනි ඝාතන පිළිබඳව කිසි අදහසක් ඉදිරිපත් වුණේ නෑ. ජනාධිපතිවරයා ළඟ මන්ත්‍රී ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු තිබුණා නම් කළ යුතුව තිබුණේ කතානායකවරයාට ඒ බව දැනුම් දීමයි. එවිට පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම කතානායකවරයාගේ වගකීමක්. නමුත් ජනාධිපතිවරයා එසේ නොකර, අත්තනෝමතික තීරණයක් ගත්තා.

රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරය පසෙකට දමා ගත් මේ තීරණය නිසා රට අවුලින් අවුලට පත්වුණා. අපේ රටේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගරු කරන ජනතාව කැළඹුණා. ජාත්‍යන්තර විශ්වාසය පලූදු වුණා.

නමුත් මේ තත්වයෙන් රට බේර ගැනීම සඳහා අප පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැංවීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ අළුත් දේශපාලන සංධානයක් ඇති කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි අලූත් මුහුණුවරකින් ජනතාව අතරට යනවා.

පසුගිය සති දෙක තුළ රටේ ඇති කළ අවුල් සහගත තත්වය නිසා තරුණ පරපුර විශාල වශයෙන් දේශපාලනය ගැන කලකිරී තියෙනවා. ශක්තිය ඇති අය රට අත් හැර යන්නට සූදානම් වෙනවා. එවැනි ශක්තියක් නැති තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අනාගතය ගැන ඔවුන් බියෙන් පසුවෙනවා. මෙය කණගාටුදායක තත්වයක්.

මේ අවාසනාවන්ත තත්වයෙන් රට බේරා ගැනීම සඳහා බිඳුණු විශ්වාසය යළි තහවුරු කරන්නට අප ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙනවා. ජනතාව භේද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැපවෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික නීතිය, ශිෂ්ඨ සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අපි සූදානම්.

ඔබත් එන්න. අප හා එක්වන්න. අවිචාරවත්, ඒකාධිපති රෙජීමයකට යළිත් රට යටත් කිරීමට එරෙහිව අපි සටන් වදිමු.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, කඩාකප්පල්කාරී වැඩවලින් රටක් ගොඩනගන්නට බැහැ. අපේ ජීවිත කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කළ මේ දේශය විනාශ කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. පුළුල් සංධානයක් තුළ ඒකරාශීවී, මේ ශාපයෙන් අපේ මව්බිම ගලවා ගන්නා බව මම ඔබට පොරොන්දු වෙනවා. ඒ සඳහා එකාවන්ව අපි අත්වැල් බැඳගමු.

ස්තුතියි.

 

2018.11.12

 

Post Views: 7
Previous Post

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් පාර්ලිමේන්තුවට ඉල්ලයි …. !

Next Post

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා … රෝහිත කියයි

editor

editor

Next Post

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා ... රෝහිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved