27 April 2024
#දේශීය

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් පාර්ලිමේන්තුවට ඉල්ලයි …. !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අත්තනගල්ල ආසනයෙන් තරඟ කිරීමට නියමිත බව වාර්තා වේ. ඇය මේ වන විට අදාළ සියල්ල සුදානම් කර ඇති අතර මහින්ද රාජපක්ෂයට අභියෝගයක් කිරීම සඳහා මෙලෙස ඉදිරිපත් වීමට කටයුතු කරනු ඇත. චන්ද්‍රිකාගේ සම්බන්ද ආරංචි මාර්ග කියා සිටින්නේ මහින්ද අභියෝගයක් ඉල්ල කළ හැකි වන්නේ ඇයට පමණක් බවයි.

චන්ද්‍රිකා ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ බව ද වාර්තා වේ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව ගෙන එමට පවා ඇය විසින් විශාල වෙහෙසක් දැරු අතර මහින්දත් මෛත්‍රිපාලත් දෙදෙනා සම්බන්ධ සියළු දේ තමන් දන්නා බවයි. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට අභියෝගය කිරීමට චන්ද්‍රිකාට හැකියාව පවතින බවයි ඇය සම්බන්ධ ආරංචි මාර්ග කියා සිටියේය.

චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු අකමැත්තක් නොමැති බවයි එජාප පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *