27 April 2024
#දේශීය

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා … රෝහිත කියයි

රනිල් වික්‍රමසිංහව අගමැති කරන මෙහෙයුමට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රාජිත හා චම්පික දෙදෙනා උත්සහා කරන බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට කථානායකවරයා පවා එම පුටුවෙන් ඉවත්වන විට සිරිකොතට අඩිය තියන්න ලැස්තිපිට සිටින බවයි.

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ පරණ පුටුවේ සොයා ගෙන පැමිණෙන නමුත් එම පුටුවේ සජිත් බාගෙට වාඩි වි සිටින බව අබේගුණවර්ධන මහතා පැවසිය. සිරිකොතේ ඇති මහ පුටුව දැන් සංගිත පුටු තරගයකට පත්ව ඇති බව ඒ මහතා අනාවරණ කළේය.

අරලියගහ මන්දිරයේ පොළොවේ හයි කර දේට පමණක් ඉතිරි කර අනෙක් සියල්ල මේ වන විට රැගෙන ගොස් ඇති බව අබේගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *