• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

භානුකගේ සමුගැනීම ගැන යළි සිතා බලන්න ඇමැති නාමල් කියයි

9 January 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටි.

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කලේය ” ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකය. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන් වේ. ඒ නිසා වෘත්තිමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයත් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පසුගිය කාලයේ දී ක්‍රියා කළෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද පත් කෙරිණි. ඔහුගේ සේවය මේ වනවිට වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානය තරගාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබේ. මේ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාව දියණුව උදෙසා මේ වනවිට දිගු කාලීන සැලැස්මක් සකස් කර ඇති අතර එය තාක්ෂණික වැඩපිළිවෙලකින් ද සමන්විතය. එය ක්‍රමවත්ව ඉදිරියට යාම තුළින් කෙටි කාලීන ජයග්‍රහණයන්ට වඩා කලක් පවතින ජයග්‍රාහී මාවතක් උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි. වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුය. ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් ඇත. එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නැත. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රිඩාවේ ජයග්‍රහණ උදෙසා සැලැස්මකට අනුව ක්‍රියාත්මක වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මා ඇතුළු සියලුම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හිදී ද ක්‍රීඩකයාගේ විනය මෙන්ම පරිපාලකයන්ගේ විනය සම්බන්ධයෙන් ද මා දැඩි ව සිටින බව සිහිපත් කළ යුතුය. පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරිණි. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසාය. එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලි නොවන බව සිහිපත් කරමි. ඒ අනුව මින් පෙර දැරූ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නැති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

 

Post Views: 2
Previous Post

අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල්

Next Post

කොළඹ – කන්කසන්තුරේ සුබෝපභෝගී දුම්රිය මංගල ගමන අරඹයි

editor

editor

Next Post

කොළඹ - කන්කසන්තුරේ සුබෝපභෝගී දුම්රිය මංගල ගමන අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved