27 April 2024
#සංවර්ධන

කොළඹ – කන්කසන්තුරේ සුබෝපභෝගී දුම්රිය මංගල ගමන අරඹයි

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ තවත් එක් පියවරක් ලෙස කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) දින පෙරවරුවේ ආරම්භ කෙරෙණි.

ඒ පෙ.ව. 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ සුබෝපභෝගී දුම්රියයි.මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ. ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *