• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මංගලගෙන් ජනපතිට ලිපියක්

29 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

2020 අපේ‍්‍රල් 30 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළුව අත්‍යවශ්‍ය වියදම් නීත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. එමගින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන රටක් බවට හඳුන්වනු ලැබේ.

ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට  ප්‍රතිඥා දී ඇති බව මංගල සමාරවීර මහතා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය වෙත සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හට පිටපත් සහිත ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

ජනාධිපති කාර්යාලය

කොළඹ 01.

හිතවත් ජනාධිපතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම්අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් කරන ඉල්ලීම

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් 2020.04.30 දින දක්වා දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් මා ඔබට මෙම ලිපිය ලියමි.

ජනපතිවරණයක් පැවත්වෙන වසරවල දී ජයග්‍රහණය කරන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව අය-වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අය-වැයක් සම්මත කිරීමෙන් බලයේ සිටි රජයන් වැළකී සිට ඇත.3. 2019.11.16 වන දින ජනාධිපති මැතිවරණය පැවැත්වීමට යොදා තිබු බැවින් 2020 සඳහා විසර්ජන පනතක් සම්මත කර ගැනීම සුදුසු නොවන බව එවකට පැවති රජයේ අදහස විය.. ඒ අනුව එවකට පැවති රජය, 2020 ජනවාරි 01වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 4 කට බල පැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් (Vote on Account) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කර ගන්නා ලදී.

ඔබ රජය 2019 නොවැම්බර් මස බලයට පත්වී මාස තුනකට වැඩි කාලයක් ගතවූවද ඔබගේ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා අය-වැයක් ඉදිරිපත් නොකළේය.2014 වසරේ ද ජනපතිවරණයක් අභියස වූ හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2015 වසර සඳහා අය-වැය ඉදිරිපත් නොකරන ලදී. ඒ අනුව ජනවාරි 08, 2015 ජනපතිවරණය ජයග්‍රහණය කළ යහපාලන රජය මැතිවරණයෙන් දින 21 ක් වැනි කෙටි කාලයක් තුළ 2015 මුදල් වර්ෂය සඳහා අය-වැයක් ඉදිරිපත් කළ බව ඔබට සිහිපත් කිරීමට කැමත්තෙමි.

2020 වසර සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීම වෙනුවට 2020 මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මත්තෙන් යහපාලන රජය විසින් සම්මත කර තිබූ අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.එවන් සංශෝධනයක් සඳහා ස්ථාවර නියෝග අනුව ප්‍රතිපාදන නොමැතිබව විපක්ෂය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජය විසින්ම එය ඉල්ලා අස්කරගන්නා ලදී.රටට හෙළිනොකළ හේතුන් මත අය-වැය ඉදිරිපත් නොකිරීමෙන් හා දැන් හදිස්සියේ මතුව ඇති කොරෝන හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් රට තුළ වසංගත, ව්‍යවස්ථාදායක හා ආර්ථික අර්බුදයක් උද්ගතව ඇත.

කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමෙන් මතුවූ බරපතල අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලමින් 2020 අප්රේල් 25 වන දිනට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය, 2020 ජුනි මස 20 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 අප්රේල් 20 වන දින ප්‍රරකාශයට පත් කරන ලදී. එහෙත් 2020 ජුනි මස 20 පැවැත්වීමට යෝජිත මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රරකාශයට පත් කර නොමැත.

2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් පරිදි 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනපති ප්‍රමූඛ රජයට නීත්‍යනුකූල අවකාශයක් නොමැති බව අවධාරණය කරමි. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ප්‍රකාරව එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන් කිරීමට බලය දිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදූ කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී වනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 150 ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය ප්‍රරකාර පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක හා විසර්ජන කෙටුම්පතක් සම්මත නොවූ සන්ධර්භයක් තුළ රජයේ වියදම් දැරීම සඳහා අවකාශයක් ඇත. එයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය පහත දැක්වේ.

150(3)- “කිසියම් වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නිතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.”

යථෝක්ත ව්‍යවස්ථාවෙහි සදහන් ප්‍රතිපාදන ප්‍රකාර ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිතුමාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉකුත් නොවන තෙක් පමණි.

ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-

(ආ) අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර

(ආ) පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය

එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 න් පසුව රාජ්‍ය සේවාවට වැටුෆ් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කරන මෙන් විධායකෙයේ ප්‍රධානිය වශයෙන් හිතවත් ජනාධිපති තුමන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට- විශ්වාසී

මංගල සමරවීර

පිටපත්:-

ගරු මහින්ද රාජපක්ෂ මහතාඅග්‍රාමාත්‍ය හා මුදල්,ආර්ථික හා ප්‍රතිපත්ත්ය් සංවර්ධන අමාත්‍ය

ගරු සජිත් ප්‍රේමදාස මහතාහිටපු විපක්ෂ නායක

ගරු. රනිල් වික්‍රමසිංහ මහතා. නායක, එක්සත් ජාතික පක්ෂය

කරු ජයසූරිය මහතාහිටපු කථානායක

ආර් සම්බන්දන් මහතානායක, ද්‍රවිඩ ජාතික සන්ධානය

අනුර කුමාර දිසානයක මහතනායක, ජනතා විමුක්ති පෙරමුණ

රවුෆ් හකීම් මහතානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

රිෂාඩ් බදියුදීන් මහතානායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය

මනෝ ගනේෂන් මහතානායක, දෙමල ප්‍රගතිශීලි සන්ධානය

පී. දිගම්බරම් මහතානායක, කම්කරු ජාතික සංගමය”

Post Views: 9
Previous Post

ආගමික නායකයන් ජනාධිපතිගේ කටයුතු අගයයි

Next Post

පන්නිල සහ චින කොටුව ප්‍රදේශවල ජනතාව පත්ව ඇති අසීරුතාවයට පිළියමක් දෙන්න

editor

editor

Next Post

පන්නිල සහ චින කොටුව ප්‍රදේශවල ජනතාව පත්ව ඇති අසීරුතාවයට පිළියමක් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved