27 April 2024
#දේශීය

පන්නිල සහ චින කොටුව ප්‍රදේශවල ජනතාව පත්ව ඇති අසීරුතාවයට පිළියමක් දෙන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

අදාල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනීමත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව අදාල ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමා කිරීමට පියවර ගනු ලැබුවා.

එම තත්ත්වය එසේ පැවතියදිත් අප්‍රේල් මස 14 වන දින සිට රජය විසින් එම ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ බවට පත් කිරීමට පියවර ගත්තා.ඒ අනුව අද දිනය වන විට දින 28 ක කාලයක් එම ප්‍රදේශය මුළුමනින්ම හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇති අතර කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයට ඇතුළු වීම හෝ පිටවීම මේ දක්වාත් තහනම් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන එම ප්‍රදේශයේ පුද්ගලයින් 219 දෙනෙකු මේ වන විට පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින මෙම පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගත්තා ද අදාල ගම් ප්‍රදේශය තුළින් මේ දක්වාත් හදුනාගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු පමණයි.

පන්නිල සහ චීන කොටුව ප්‍රදේශවලින් මේ වන විට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවන බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා.මෙම තත්ත්වය තුළ තවදුරටත් එම ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කළේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *