රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ අධිකරණය අද නියෝග කර තිබේ. ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
විනිසුරුවරුන් සමඟ දුරකතන සංවාදවල නිරත වෙමින් අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා මත පසුගිය මස 14 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
දිලිනි සමන්මලි