27 April 2024
#දේශීය

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වී අද (26) දින මානව හිමිකම් කවුන්සිලයේ (HRC) ඉහළ මට්ටමේ අංගය අමතමිනි.

එහිදී 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු මස 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස 40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව විධිමත් ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් හෙට (27දා) සිදුකරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිතව තිබේ.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *