• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම හදෙන් ආපු කෙනෙක් නෙමෙයි … හැම ආගමකටම ගරු කරනවා – සජිත් ප්‍රේමදාස කියයි

10 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුළ බුද්ධාගමට මුල්තැනදී ආරක්ෂා කරන්නාසේම සෙසු හා ආගම් සියලූම ජාතීන් ආරක්ෂා කරමින් ජාතිවාදය හා ආගම්වාදය සම්පුර්ණයෙන්ම තුරන් කොට ශිෂ්ඨ සම්පන්න යුක්ති ගරුක මනුෂ්‍යත්වය රජකරන මානව හිතවාදී යුගය 16 දා ජයග්‍රහණයත් සමඟ ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි නගරයේ පැවැති ජන රැළියේදිය.

එහිදි සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කළ සිටියේ “ කල් කුඩා මැතිවරණ කොට්ඨශයේ තිබෙන සියලුම රෝහල වැඩි දියුණු කොට වාලච්චේන රෝහල උසස්ම ගණයේ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එපමණකින් නොනැවතී යෞවන යෞවනියන්ට ක්‍රිඩා කිරිමට තිබෙන ක්‍රිඩා පිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩා පිටියක් ලෙස සංවර්ධනය කරනවා. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන මීට පෙර බොහෝ දෙනෙක් බොහෝ දේවල් කියලා තියෙනවා. ඒවා අහලා මේ ජනතාව හෙම්බත් වෙලා ඇති. වෙන අය වගේ නොවෙයි සජිත් ප්‍රේමදාස යමක් කීවොත් එය අනිවා‍ර්යයෙන්ම ඉටු කරනවා. බැරි දේවල් මම භාර ගන්නේ නැහැ. ජනාධිපති වී මාස 3 ක් ඇතුළත් කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කොට මේ ප්‍රදේශයේ දසදහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නට අපේ අලුත් රජය කටයුතු කරනවා.

මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ කව්රු වුණත් හැමට පිරිසිදු පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට මේ ජනතාවගේ ආයුෂ වැඩි කරන්න කටයුතු කරනවා. ජාතික වශයෙන් වැදගත් කාර්යභාරයන් රැකසත් අපි ජනතාවට වෙනුවෙන් ඉටු කරනවා.

දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් දැනට ක්‍රියාත්මක සමෘද්ධි වඩසටහන තවදුරටත් ශක්තිමත් කර සමෘද්ධිය ලැබිය යුතු ඉතිරි කොටසටත් සමෘද්ධිය ලබා දෙනවා. නමුත් දුප්පත්කම තුරන් කිරීමට ඝිග්‍රගාමී වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැමදාම දුප්පත්කම් ගැන කතා කර කර ඉන්න මගේ අදහසක් නැහැ. එම නිසා සමෘද්ධියත් සමග රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ජනසවියත් ක්‍රියාත්මක කරනවා.

මගේ පියා තමයි පාසල් නිල ඇදුම සහ දිවා ආහාරය පාසල් දරුවන්ට දුන්නේ. මගේ ප්‍රතිවාදියා පිටුපස සිටින දේශපාලන කල්ලිය තමයි දිවා ආහාරය රටේ දුවා දරුවන්ට අහිමි කළේ. 16 දාට හංසයාව දිනවන කොට පාසල් දරුවන් 44 ලක්ෂකගේ සුබ සාධනය වෙනුවෙන් නිළ ඇදුම් කට්ටල දෙකයි, පාසල් දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි ලබා දෙන්න අපි කටයුතු කරනවා.

යොවුන් පරපුර වෙනුවෙන් අපි ශක්තිමත් වැඩ කෙටසක් කරනවා. එනම්, හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම කර්මාන්තපුර ආරම්භ කොට යොවුන් පරපුරට රැකියා දෙන්න කටයුතු කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ට ම කර්මාන්ත පුර ලැබෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ට මම ගිහින් තිබෙනවා. මගේ ප්‍රතිවාදියාට මේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහළොව නම් කියන්න පුළුවන්ද කියලා මම අහනවා.

මම හඳෙන් ආපු කෙනෙක් නොවෙයි. මම ඇමරිකාවෙන් ආපු කෙනෙක් නොවෙයි. මම මගේ මාතෘභූමියේ මහ පොළොවට පය ගහලා ඉන්න හැම ජාතියකටම හැම ආගමකටම ගරු කරන පුද්ගලයෙක්.

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව තාක්ෂණික විද්‍යාල ආරම්භ කරනවා. එහි ජිව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවය උගන්වනවා. මේ තාක්ෂණික විද්‍යාලයෙන් පිටවන සිසුන්ට කර්මාන්ත ආරම්භ කරන්න තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා. එම සිසුන්ට මෙම තාක්ෂණ උද්‍යානවල ඩිජිටල් ව්‍යාපාර ආරම්භ කරන්න අපි ඉඩම් හා මුලික ප්‍රාග්ධනය ලබා දෙනවා. මෙපමණ කාලයක් කතාවට සිමාවූ ඩිජිටල් විප්ලවය මුළු මහත් ශ්‍රී ලංකාවටම ගෙනඑනවා.

මඩකලපුවේ කෘෂිකර්මාන්තය ඉතා ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මෙපමණ කලක් රටේ කිසිදු නායකයෙක් නොකළ වැඩක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මම කරනවා. අපේ රටේ ආහාර අවශ්‍යතාවය අපිම සපුරා ගන්නට ඕනේ. ඒවෙනුවෙන් කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයයි. ජාතික ආහාර නිෂ්පාදනය තුලින් අපේ රටේ අවශ්‍යතාවය සම්පුර්ණ කරනවා පමණක් නොව අපි ආහාර භවභෝග කෘෂි නිෂ්පාදන අපනයනය කළ යුතුයි. ඒ සඳහා වී වගාවට, එළවළු පළතුරු වගාවට, තේ, පොල්, රබර් වගාවට, සුළු අපනයන භෝග වගාවට හැම කෘෂිකාර්මික ක්‍රියාවලියකටම නොමිලේ පොහොර ලබා දෙනවා.

පෙර පාසල් දූ දරුවන් වෙනුවෙන් අපි සාධාරණත්වයක් කරනවා. එම නිසා පෙරපාසල් ගුරුවරියන්ට, සහාය පාලිකාවන්ට රජයෙන් වැටුප් ගෙවනවා. ඊට අමතරව පෙර පාසල් වෙනුවෙන් භෞතික සම්පත් හා මානව සම්පත් ලබා දෙමින් පෙර පාසල් නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කර ගන්නවා.

ස්වයං රැකියා කරන අයට අනිවාර්යෙන්ම සහයෝගය ලබා දෙනවා. ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප නැතුව පොලී නැතුව ලක්ෂ 3 ක ණයක් ලබා දෙනවා. ජන සමාජයේ පොඩිම තැන ඉදලා නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ රට සුරකින ගමනට 16 දා හංසයා ඉදිරියේ කතිරය ගසා හංසයා දිනවන ලෙස ඉල්ලා සිටිනවා.

මගේ පියාත්, මමත් හොද සිංහල බෞද්ධයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලායි. ජාතිවාදය ආගම්වාදය ආගම් භේදය, ජාතිභේදය ලෝව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. එහෙම කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඔවුන් බෞද්ධයෝ නොවෙයි. ඒ නිසා උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුළ බුද්ධාගමට මුල්තැනදී ආරක්ෂා කරනවා වගේම සෙසු සියලුම ආගම් සියලූම ජාතීන් අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරනවා. ජාතිවාදය ආගම්වාදය සම්පුර්ණයෙන්ම තුරන් කරලා ශිෂ්ඨ සම්පන්න යුක්ති ගරුක මුනුෂ්‍යත්වය රජකරන මානව හිතවාදී යුගය 16 දා ජයග්‍රහණයත් සමග ක්‍රියාත්මක කරනවා.

අපේ අමීර් අලි මැතිතුමා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගලා තිබෙනවා. හොදට මතක තියා ගන්න, අනිත් පැත්තට උදව් කරන අය කියන්නේ පල්ලි කඩන එක හොදයි කෝවිල් කඩන එක හොඳයි , දේවස්ථාන කඩන එක හොදයි ආගමික ස්ථාන විනාශ කරන එක හොදයි කියයි. සජිත් ප්‍රේමදාස ළඟ විනාශ කිරීම කඩා දැමීම පිච්චිම මගේ ශබ්ද කෝෂයේ නැහැ. මගේ ශබ්ද කෝෂයේ තිබෙන්නේ ඉදිකිරීම ගොඩනැගීම හා නිර්මාණය කිරීමයි.

16 දාට නිර්මාණය වෙන්නේ උතුරත්, දකුණත්, නැගෙනහිරත්. බටහිරත්, මේ රටේ පළාත් නමයම, මේ රටේ දිස්ත්‍රික්ක 25 , රටේ වසම් 14022 ම එක්සත් වුනු සද්ධන්ත ශ්‍රී ලංකාවයි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් අපි අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය, කුඩු ජාවාරම, මිනිමරුවෝ, කප්පම් කල්ලි, ළමා අපචාර කල්ලි විනාශ කරනවා. මගේ නායකත්වය යටතේ අපේ රටේ ජාතිභේදයට, ආගම්වාදයට, ජාතිවාදයට, ආගම්භේදයට ඉඩක් තබන්නේ නැහැ.

ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරීම බලය බෙදලා හැම ජන කොට්ඨාශයක්ම රැකගෙන අපේ රට සැබෑ ස්වෛරී, නිදහස්, ශක්ති සම්පන්න, ජව සම්පන්න, භෞමික අඛන්ඩතාව රකින සවෛරි ශ්‍රී ලංකාව සුරකිනවා. මගේ පණිවුඩය ගෙයින් ගෙට අරගෙන යන්න. මේ රටට පනස් දෙහැවිරිදි ජව සම්පන්න ශක්ති සම්පන්න කඩිසර නායකත්වයක් තුළින් රට එක්සේසත් කොට මේ රට සංවර්ධනයේ සුරපුරයක් බවට පත් වන විට මඩකලපුව සංවර්ධනයේ පාරාදීසයක් බවට පත්කරනවා.

 

Post Views: 1
Previous Post

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරනවා – ගෝඨාභය රාජපක්ෂ

Next Post

මැතිවරණ කොමිසම ගෝඨාභය ගේ නීත්‍යනුකූල පුරවැසි බව පිළිගත්තා : නීතීඥ අලි සබ්රි

editor

editor

Next Post

මැතිවරණ කොමිසම ගෝඨාභය ගේ නීත්‍යනුකූල පුරවැසි බව පිළිගත්තා : නීතීඥ අලි සබ්රි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved