27 April 2024
#දේශීය

මැතිවරණ කොමිසම ගෝඨාභය ගේ නීත්‍යනුකූල පුරවැසි බව පිළිගත්තා : නීතීඥ අලි සබ්රි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය පිළිබඳ නීත්‍යනුකූල ලියවිලි ශ්‍රී ලංකා රජයේ මැතිවරණ කොමිසම විසින් නිසිලෙස පිළිගෙන ඇතැයි ද, ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ද ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

අද (10) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි.

එසේම තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද මුලතිව් හි පැවැති රැළියක දී ද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය තම පුරවැසිභාවය පිළීබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් කටයුතු කරන බවයි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *