• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක්කරන බව මුළුමනින්ම පදනම් විරහිතයි -මුදල් අමාත්‍යාංශය

3 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත හරහා මහජන බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව රජය පවසයි.

මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව මහජන බැංකුවේ පරම අයිතිය ශ්‍රී ලංකා රජය සතු බවයි. එහි වගකීම පැවරෙනුයේ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත ය. මහජන බැංකුවේ කොටස්, සමුපකාර සමිති වෙත හෝ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත හැර අන් කිසිවෙකුට අලෙවි කළ නොහැකි බව එම පනතේ පැහැදිලිවම සඳහන් වේ.

මෙම සතියේ විවාදයට හා ඡන්ද විමසීමට නියමිත මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි ඉහත සඳහන් 13 වන වගන්තිය සංශෝධන නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයකි. යෝජිත සංශෝධන මඟින් සිදු කෙරෙනුයේ එම පනතෙහි ඇතුළත් වගන්ති 12, 20, 21 සහ 43 පමණක් සංශෝධනය කිරීමයි.

මෙම සංශෝධනවලට ලක්වන වගන්ති හතරේ ප්‍රධාන අරමුණු වනුයේ: මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව දැනට පවත්නා රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 50 දක්වා වැඩි කිරීමත්, අනෙකුත් රාජ්‍ය බැංකු සිදු කරන ආකාරයටම, භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව, ණයකර නිකුත් කිරීමේ හැකියාවක් මහජන බැංකුවටද අත් කර දීමත් ය.

ලංකා බැංකුව ඇතුළු අනෙකුත් රාජ්‍ය බැංකු පනත්වලට අනුකුලව එම බැංකුවල භාණ්ඩාගාරයේ ඇපකරයක් නොමැතිව , තම නියාමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීමේ හැකියාවක් සහ ක්‍රියාවලියක් අදටත් පවතී. එසේ නමුදු එම බැංකු පෞද්ගලීකරණයකට ලක් වන බවට කිසිවෙකුත් චෝදනා එල්ල නොකරයි.

මහජන බැංකු පනත සංශෝධනයෙන් පසු, නිකුත් කෙරෙන ණයකර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි බව රජය තහවුරු කරයි. එය එසේ වනුයේ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතෙහි 13 වන වගන්තියෙන් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් නොමැති බැවිනි.

මෙම මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය 2013 වසරේදී ආරම්භ විය. ඒ අනුව, මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත මඟින් මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කිරීමට සැලසුම් කරන බවට ඇතැම් දේශපාලන නායකයින් විසින් මෙම අවස්ථාවේදී සිදු කෙරෙන ප්‍රකාශයන් මහජනතාව නොමඟ යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයක් මිස එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කෙරේ.

Post Views: 5
Previous Post

පිටරට යන ගොඩක් ශ්‍රමිකයින්ට නිසි පුහුණුවක් නැති අය බව ගෝඨාභය කියයි

Next Post

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

editor

editor

Next Post

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved