27 April 2024
#දේශීය

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

ප්‍රචණ්ඩකාරී අන්තවාදය ජාතික ආරක්ෂාවට විශාලම තර්ජනය වී ඇති පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරවලින් පසු අවධියේ, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා විශේෂඥ දැනුම ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ගෝලීය ප්‍රජා කටයුතු සහ යථාතත්ත්වයට පැමිණවීමේ අරමුදලේ (Global Community Engagement and Resilience Found) සහය පතා තිබෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.

විදේශ අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, මෙම අරමුදලේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ඛාලිඩ් කොසර් මහතා පසුගිය අගෝස්තු 27 – 30 දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම පදනමේ සහය ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ අරමුණින් දේශපාලන නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් පාර්ශ්වකරුවන් හමුව සාකච්ඡා කොට ඇත.

විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පසුගිය 29 වනදා ආචාර්ය කොසර් මහතා සමඟ හමුවක් පැවැත්විය. තව ද, ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු වන්නේ පාස්කු ඉරු දින එල්ල වූ බියගුලු ප්‍රහාරවලට සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙහිලා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ බහුතරයක්, රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ඇති පසුබිමක බව පෙන්වා දුන්නේ ය. අන්තවාදී බලවේග හඳුනා ගෙන රැඩිකල්කරණයේ මූලික අවස්ථාවලට එරෙහිව කටයුතු කරමින් ප්‍රජා ආරක්ෂා කිරීමේ වටිනාකම අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අන්තවාදීන් නොවූවද ඒ සඳහා ගොදුරුවීමට අවධානමක් ඇති යටි අරමුණු සඳහා හදිසි කෝපවීමේ අවස්ථා ඇති කිරීමට යන්න දරන කොටස් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට හසුරුවා ගත හැකි බව ද ඔහු මෙහිදී අවධාරණය කළේ ය. බොහෝ රටවල් විසින් මුහුණු දෙනු ලබන ගැටලුවක් වන ගැටුම් පැවති ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ උභතෝකෝටිකය ද මෙහිදී අමාත්‍යවරයා මතු කළේ ය.

ජාතික හිමිකාරත්වය, ඵලදායි සම්බන්ධීකරණය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ ඕනෑම වැඩසටහනක් සඳහා දේශීය සන්දර්භය යන කරුණු මෙම අරමුදල විසින් ලබා දෙනු ලබන සහයට ඉතා වැදගත් බව ආචාර්ය කෝසර් මහතා අවධාරණය කළේ ය. බංග්ලාදේශය, ටියුනීසියාව, මාලි, නයිජීරියාව, කෙන්යාව, පිලිපීනය හා මියන්මාරය යන රටවල ඇති වූ මීට සමාන තත්ත්වලදී මෙම පදනම කටයුතු කර ඇති ආකාරය පිළිබඳව ද ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *