27 April 2024
#දේශීය

පිටරට යන ගොඩක් ශ්‍රමිකයින්ට නිසි පුහුණුවක් නැති අය බව ගෝඨාභය කියයි

මෙරටින් විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් බොහෝ දෙනෙකු නුපුහුණු ශ‍්‍රමිකයන් බවත් නිසි පුහුණුවක් නොමැතිකම හෙයින් ඔවුන්ට ලබා ගත හැකි ආදායමටත් බලපාන බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අපේ තරුණ තරුණියන් පිටරට යැවිය යුත්තේ හොඳ වැටුප් ලබන ගෞරවාන්විත රැකියාවලට අතර හෙද වෘත්තියට අද ලෝකයේ විශාල ඉල්ලූමක් තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ” ජර්මනියේ පමණක් හෙද පුරප්පාඩු ලක්ෂ 2 ක් මේ වන විට තිබෙනවා. පුහුණු හෙදියකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 5 කට වඩා වැඩි පඩියක් බොහෝ යුරෝපීය රටවල ලබාගත හැකියි. යුරෝපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් දියුණු රටවලත් හෙදියන් සඳහා පුරප්පාඩු විශාල ලෙස තිබෙනවා. හැම රටකම අවුරුදු හතරක පුහුණුවෙන් පසුව ලැබූ උපාධියක් බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියේදී හෙදියන්ට මේ අවස්ථාව ලබා දෙනවා. දැනට සේවයේ යෙදී සිටින හෙදියන් වෙනුවෙනුත් අමතර වසරක පුහුණුවක් ලබා දීම මගින් උපාධියට යන්න අවස්ථාව සැලසිය යුතු බව මගේ අදහසයි. හෙද වෘත්තිය ඉතා ඉහල වැටුපක් ලබන්නට පුළුවන් ගෞරවනීය රැකියා. නොපුහුණු ශ‍්‍රමිකයන් වෙනුවට පුහුණු ශ‍්‍රමිකයන් රට යැවීමෙන් රටේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. ඒ වගේම රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමානයත් වැඩි වෙනවා. රැකියා වෙළඳපොලේ මෙවැනි අවස්ථාවලින් ප‍්‍රයෝජන ගන්නටනම් රටක් වශයෙන් අපට නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍යයි. හෙද වෘත්තිය සඳහා ඉල්ලූම තිබෙන්නේ මොන රටවලද, ඒ රටවලට යාමට හෙද වෘත්තිකයන්ට තිබිය යුතු සුදුසුකම් මොනවාද ? යන්න පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒ සුදුසුකම් සපුරාලන්නට අපේ හෙද වෘත්තිකයන්ට අවස්ථාව සලසන්නේ කෙසේද කියා අප තීන්දු කල යුතුයි. මෙය ජාතික වැදගත් කමක් ඇති කටයුත්තක් ලෙස මා දකිනවා. ඒ නිසා අනාගතයේ ලෝකයට විශාල වශයෙන් හෙද වෘත්තිකයන් සපයන රටක් බවට පත්වීමේ ජාතික සැලස්මක් අපි සකස් කරමින් සිටිනවා.

හෙද විද්‍යාලයෙන් දැනට ලබා දෙන වසර 3 ක ඩිප්ලෝමාවට අමතරව විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගැනිමේ අවස්ථාවත් හෙද නිලධාරීන්ට විවෘත කිරීමට අපි කටයුතු කල යුතුයි. මෙය දැනට ක්ෂේත‍්‍රයේ ඉන්නා හෙද නිලධාරීනටත් ලැබෙන අවස්ථාවක්. වඩා හොඳ සේවාවක් සඳහා දැනුම වර්ධනයට මෙන්ම විදේශ රැකියා සඳහා සුදුසුකම් ලැබීමේදීත් මෙය ප‍්‍රයෝජනවත් වෙනවා. හෙදියන්ට අමතර දැනුම ලබා දෙමින් වෛද්‍යවරුන්ට තිබෙන පිඩාවත් අපිට අඩු කළ හැකියි. හෙද සේවයේ ඉන්නා වැඩි පිරිසක් කාන්තාවන්. ඒ නිසා මම කාන්තාවන් ගැනත් යමක් කිවයුතුයි. විවාහක කාන්තාවකට තම පවුල සම්බන්ධයෙන් වගකීම් රාශියක් තිබෙනවා. පවුලේ ආරක්ෂාව, හිසට වහලක්, දරුවන්ගේ අධ්‍යාපනය වැනි සියලූ අවශ්‍යතා ගැන පවුලක සැමියාට වඩා බිරිඳ බෙහෙවින් සංවේදීයි. ඔබේ ඒ අවශ්‍යතාවන් ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා.යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *