• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දානන්ද අධිකරණයට නොපැමිණි හේතුව මෙන්න

15 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (15) නියම කළේය.

ඒ අදාළ නඩුව අය් ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ය.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ  අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් දිනවල කුණ්ඩසාලයේ සා හේවාහැට ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති හෙයින් එම ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වී ඇති නිසා සෞඛ්‍යාරක්ෂාව පදනම් කරගෙන තම සේවාදායකයා  අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින නලින් ප්‍රනාන්දු ද අධිකරණ ශාලාව තුළට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇති බවත් ඔහුද සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධිකරණ භූමියට පැමිණ සිටින නමුත් අධිකරණ ශාලාව තුළට නොපැමිණි බවය.

කෙසේ වෙතත් එම දැනුම්දීම සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත සැප්තැම්බර් මස 3 වනදා කැඳවන ලෙස නියම කළහ.

 එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටියි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ “මහජන බැංකුව“ සහ “ශ්‍රී ලංකා රේගුව“ තුළ තිබෙන පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා එම ආයතන විසින් විත්ති පාර්ශවයට අවසර ලබාදී තිබෙන බව සඳහන් කළේය.

ජාතික විගණන කාර්යාලය සහ “ස.තො.ස“ ආයතනයට අයත් පරිගණක පද්ධති දැනට වසර 5 කට පෙර යාවත්කාලීන කර තිබෙන බැවින් මෙම නඩුවට අදාළ ලේඛන උත්පාදනය කළ පරිගණකය සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

2014 වසරේ සැප්තැම්බර් මස පළමුවන දා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් “ස.තො.ස“ ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Post Views: 1
Previous Post

පස්කන්දක් කඩා වැටි අයෙක් මරුට

Next Post

පියල් විශ්‍රාම යයි – නව නාවික හමුදාපති උළුගෙතැන්න

editor

editor

Next Post

පියල් විශ්‍රාම යයි - නව නාවික හමුදාපති උළුගෙතැන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved