27 April 2024
#දේශීය

පස්කන්දක් කඩා වැටි අයෙක් මරුට

මැණික්හින්න ප්‍රදේශයේ ඊයේ (14) පෙරවරුවේදී ගෙපලක් කපමින් සිටි පුද්ගලයින් දෙනෙකු පස් කන්දක් කඩා වැටී ‍පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබු එම පුද්ගලයින් දෙදෙනා මැණික්හින්න රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු උඩගම්මැද්ද, මැණික්හින්න ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මැණික්හින්න රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *