හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලා කරමින් සිටින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අයෙක් බව කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා පවසයි.
අද(03) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු කියා සිටියේ රටේ ජනතාව බත් කන හරක් නොවන බවයි. ජනතාව රවටා මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන්නේ රැවටිමක් බවත් හෙතෙම කියා සිටියේය. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගනු ලැබු කාඩ් පත ලබා ගෙන ඇති බවත් එය ඔවුන්ගේ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය කරමින් තිබු බවයි. කෙසේ නමුත් පලාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තම පිරිස් එක්ව කටයුතු කළ බව හෙතෙම පැවසිය.
ඇතැම් අවස්ථාවලදී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීන්දු තීරණවලට සංවිධායකවරුන් වශයෙන් අපට එකඟ වීමට නොහැකි බව ද කොඩිතුවක්කු මහතා කියා සිටියේය. එසේම ජනාධිපතිවරයා නිවැරදි මාවතකට පැමිණිය යුතු බවත් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව තම ආසන සංවිධායක ධුරය පවා අහිමි වන්නට වුවද පුළුවන් ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.