27 April 2024
#ව්‍යාපාර

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සදහා ට‍්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 27 වනදා දින ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරිණී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟ එක්ව සිටින ගාල්ල දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා නව අලෙවි කුටි 34ක් ලබා දීම එහිදී සිදු විය. ඊට සමගාමීව ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කිරීමද සිදුකරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත වී.සී.ජයරත්න මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ අදාළ දිස්ත‍්‍රික්ක කලාප කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *