27 April 2024
#දේශීය

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා – හිටපු ඇමැති දුමින්ද

මැතිවරණ කාළයට දේශපාලනය කරලත් ගම සංවර්ධනය කරන කොට පාටක්, පක්ෂයක්, ජාතියක්-ආගමක් , කුලයක් කියන මේ කිසි දෙයක් බලන්නේ නැතිව එකට එක් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, වන්නම්කුළම ගම්මානයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වියදමකින් ඉදි කළ ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

ජනතාව මැතිවරණ සමයේ ඇති කරගන්නා දේශපාලන වෛරය හේතුවෙන් සදාකාලික වෛරක්කරුවන් බවට පත් වී ඥාතිකම්, හිතවත්කම් නැති කර ගත්තද, අවසානයේ දේශපාලන නායකකාරකාදීන් ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් අවශ්‍යය කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන් ගජ මිතුරන් බවට පත් වන බවත්, අවසානයේ ගමේ පාක්ෂිකයින් වෛරක්කාරයෝ ලෙස වෙන් වී , අමනාප වී ඥාතිකම-හිතවත්කම පවා අහිමි කර ගන්නවා දිසානායක මහතා පැවසිය.

තිරප්පනය ප්‍රාදේශිය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව උතුරු මැද පළාත් පාලන කොමසාරිස්තුමියගේ මැදිහත්වීම මත,මෙම ජල පෙරණ පද්ධතිය වන්නම්කුළම විහාරස්ථාන භූමියේ ඉදි කර ඇත.

වන්නම්කුළම ගම්මානය අදුරෙන් එළියට ගැනීමට හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විදුලි යෝජනා ක්‍රමයක් සපයා දීම සම්බන්ධයෙන් හා විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කල පරිත්‍යාගයන් මෙන්ම ජල යෝජනා ක්‍රමය සපයා දීම සම්බන්ධයෙන් විහාරාධිකාරී හිමියන් හා ගම්වාසීන් හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට එහිදී තුති පුද කළහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උතුරු මැද පළාත් සභා හිටපු අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශිය සභා මන්ත්‍රී රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජතියන්, රාජ්‍යය නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *