• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිත්‍රශිලීව කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියක් නව රජය අනුගමනය කරනවා – ඇමැතිනි පවිත්‍රා

3 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව රජය සියලු ජාතීන් සහ රටවල් සමග මිත්‍රශිලීව කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට නව රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින්.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වාණිජ සේවා සපයන්නා බවට පත් කර ගැනීමට අප රට සමග එක්වන ලෙස සෞදි අරාබියානු රජයට ආරාධනා‍ කරන බව අමාත්‍යවරිය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය ” සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහ ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරමින් සහභාගිවීමට ලැබීම සතුටට කරුණක්. සෞදි අරාබි රාජ්‍යයේ ජනාධිපතිවරයා වන Mr. Sheikh Khalifa Bin Zayed Al Nahyan මහතා වෙත ජනාධිපති සහ අග්‍රාමාත්‍ය, ශ්‍රී ලාංකික රජය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරනවා. පසුගිය නොවැම්බර් මස 16 දින පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම රට නිවැරදි දිශාණතියකට යොමු කිරිම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා. මෙම නව රජය සියලු ජාතීන් සහ රටවල් සමග මිත්‍රශිලීව වැඩ කිරීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව රටක් වශයෙන් කටයුතු කිරීමේ දී ප්‍රධාන අරමුණු වශයෙන් නීතියේ ස්වාධිපත්‍ය සහ සමානාත්මතාවය පෙරටුකර ගනිමින් කටයුතු කරනවා. මෙහිදි ජාත්‍යන්තර මැදිහත්වීම්, පවතින ගෝලීය තර්ජන, සාමය ආරක්ෂා කිරිම ආදි ලෝකයේ ඉදිරිපැවැත්මට සමගාමීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අප රටවල් දෙක අතර 1979 සිට වසර 40 ක් පුරා පවතින මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සබදතා, සමීප සහයෝගීතාවය පවතින ලෙසම ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. 1979 අබුඩාබියේ පිහිට වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙරට අතර සහයෝගිතාවය ඇති කර ගැනීමට තැබු පළමු පියවරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1999 වර්ෂයේ දී අප රට තුල සෞදි අරාබියානු තානාපති කාර්යාලයක් පිහිටවනු ලැබුවා. අප රටෙන් විදේස් ශ්‍රමිකයින් ලෙස වැඩිපුරම ජනතාවක් සේවය කරන එකම රට සෞදි අරාබියානු රාජ්‍යය වෙනවා. එම ප්‍රමාණය දෙලක්ෂ හැටනවදාහසක් පමණ වෙනවා. පසුගිය කාලය තුල දෙරට අතර ආර්ථික හා වෙළෙද සබඳතා තවදුරටත් ශක්තිමත් වෙලා තිබෙනවා. එක්සත් ආරාබි රාජ්‍ය ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන්නන්ගෙන් ප්‍රධාන ආයෝජකයෙක් වනවා. අනාගතයේ දී ලංකාවේ පිහිටුවීමට බලාපොරොත්තු වන සුර්ය සහ සුළං බල ශක්ති ව්‍යාපෘතිවලට අරාබි රජය ආයෝජනය කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වාණිජ සේවා සපයන්නා බවට පත් කර ගැනීමට අප රට සමග එක්වන ලෙස සෞදි අරාබියානු රජයට ආරාධනා කරනවා. දෙරට අතර වෙළද සහ ආර්ථික සබධතා ප්‍රවර්ධනය කිරීමට සෞදි අරාබි ව්‍යාපාර සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීට පියවර ගන්නවා. ඒ සදහා මුලික පියවර දැනටමත් ගෙන තිබෙනවා. ඒමෙන්ම දෙරට අතර පවතින ගුවන් සබධතා තවත් ශක්තිමත් කර ගැනීමට ද කටයුතු කරනවා. දෙරටේ ම ජනතාව තම සංචාරක කළාප ලෙස මෙම රටවල් දෙක යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන, ශ්‍රමදායකත්වය, ආරක්ෂණ, ආයෝජන ඇතුලු තවදුරටත් දෙරට ද්විපාර්ශ්වික සබදතා වර්ධනය කර ගැනීමට ද ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. එමෙන්ම 2020 ඔක්කෝබර් මස 20 දින සිට 2021 අප්‍රේල් මස 10 දින තෙක් ඩුබායි හිදී පැවැත්වෙන Expo 2020 වැඩසටහන සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මෙරට සෞදි අරාබියානු තානාපති Mr. Sheikh Ahmed Ali Hamad Al- Mualla මහතා, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මැති ඇමැතිවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

විනය කඩපු අයට පක්ෂ සාමාජිකත්වය අහෝසියි – මහින්ද කියයි

Next Post

රනිල් තනතුරු අත්හරිද..? තීරණය හෙට ද? කල් යාවිද?

editor

editor

Next Post

රනිල් තනතුරු අත්හරිද..? තීරණය හෙට ද? කල් යාවිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved